ඔහු ඔබ හඳුනාගන්නා සිනමාවක් දැක ගන්න ජූලි 30 සුදර්ශියට එන්න

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 26, (LNW) කොළඹ :

ඩබ්ලිව් ජයසිරිගේ කලා භාවිතාව අපූරු එකක් වෙන්නේ ඔහු නිකම්ම නිකං ස්විච් එකකින් පන ගැන්වෙන රංගවේදියෙකු නොවන නිසාය.නිරූපනය කරන චරිතයට අදාළව එක අතකට සමාජය සහ සමාජීය දේශපාලන කාරණාවන් ද,ඒ වගේම චරිතය අතුළට එම සමාජ දේශපාලන කාරණාවන් ද ගෙන එන්නට තරම් දැණුමක් සහ භාවිතාවක් ඇති රංගවේදියෙකි.
ඒ නිසා ජීවන අභ්‍යාසයේම ගැඹුරට විහිදි දැණුමත් සමඟ රංගන ජීවිතය තුළ නොමැකෙන මතක සටහන් එකතු කළ ජයසිරි,ඔහුගේ සැලෝලයිඩ් සටහන්වලින් ඇගයෙන දිනක් සුදර්ශි සිනමා අණුමණ්ඩලයෙන් සුූදානම් කර ඇත.ඒ ජූලි 30 වන දා ය.එදිනට ඔහු රංගනයෙන් දායක වූ එච්.ඩී ප්‍රේමරත්නගේ විසිදැල පෙරවරු 10.30 ට තිරගත වන්නට නියමිතය.පෙරවරු 2.30 ට ආචාර්ය ධර්මසිරි පතිරාජයන්ගේ බඹරු ඇවිත් සිනමා පටය ප්‍රදර්ශනය වන අතර පස්වරු 7.00 ට ප්‍රදර්ශනය වන්නට නියමිතව ඇත්තේ අශෝක හදගමගේ නිර්මාණය කළ මේ මගේ සඳයි චිත්‍රපටය ය.
මෙම සිනමා උළෙල නැරඹ සඳහා සිනමා සහෘදයන්ට ‍නොමිලේ අවස්ථාව සළසා ඇත.සිනමා නිර්මාණ තුන ප්‍රදර්ශනය වන සිනමා උළෙල නම් ලබා ඇත්තේ ජයසිරියන් රචනා කරන ලද “හඳුනාගත්තොත් ඔබ මා” යන නමින්ය.එදින පස්වරු 5.00 ට ඔහුව ඇගයීමේ උළෙලක්ද සූදානම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...

ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ටොරින්ටන් මාවතේ නිවාස...

දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දේශීය නිශ්පාදන කර්මාන්ත...

2025 වසරේ අපනයන ආදායම පිළිබඳ සෑහීමකට පත්වේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : මෙම වසරේ අපනයන...