අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

Date:

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

ඒ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමන්තගේ නිවසට හානිකිරීම සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව පෙරේදා (ජූලි 24) කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණ හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ තමන්ට නඩු දිනය පැටළීමෙන් වෙනත් දිනයක් තම දිනපොතේ සටහන් කරගෙන තිබුණු නිසා නඩුවට ඉදිරිපත් වීමට නොහැකි වුණු බවත් ඊයේ (ජුලි 25) දිනයේදී තමන් අධිකරණයට ඉදිරිපත් වුණු බවත් ය. එමෙන්ම මෙය සාමාන්‍ය වරෙන්තුවක් බව පැවසූ මන්ත්‍රීවරයා මේ පිළිබඳ පුවත් පළකළ මාධ්‍ය ආයතනවලට දෝෂාරෝපණයක් ද සිදුකළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...