අපට එදත් අදත් හිටියේ ටිල්වින් අයියා විතරයි ….!

ජනතා විමුක්ති පෙරමුණට කාලයක් තිස්සේ ආධාර කරන, පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් එක්ක සමීපව ඇසුරු කරපු ප්‍රබල ව්‍යාපාරිකයෙක් පහුගිය දවසක තමන්ගේ හිතවත් මිතුරන් පිරිසක් එක්ක අපූරු කතාවක් කියලා තිබුණා.

ඔහු කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක් ….

“අපරාදෙ කියන්න බෑ, ආණ්ඩුවේ කට්ටියම බැහැලාම රට හදනවා. ඒ කිව්වේ එක්කෙනෙක්වත් ටෙල්ෆෝන් එක්කට ආන්සර් කරන්නෙ නෑ. එච්චරටම රට හදන්න වැඩ. හැබැයි උදේ හයට විතර ටිල්වින් අයියාට කෝල් එකක් ගත්තොත් එයා රෑ දහයට විතර කෝල් කරලා ‘ඇයි මල්ලි හදිස්සියක්ද ?’ කියලා අහනවා. එතකොට ඉතින් මාත් ‘නෑ අයියේ, හදිස්සියක් නෙවෙයි නිකම් කතා කළේ’ කියලා කියනවා. අනිත් කිසිකෙනෙක් අල්ලන්න බෑ දැන්”

ඔන්න ඔහොම තොරණේ විස්තරේ කියපු ව්‍යාපාරිකයා “ඒ හින්දා රට හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනෑ. අපි ‘හැදෙනවා’ කියන්නෙ මේ අයථා වත්කම් ගොඩගහන කතාවක් නෙවෙයි, චින්තනය පැත්තෙන් අපි හැදෙන්න ඕනෑ” කියලාත් කිව්වා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...