පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය

Date:

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW:

වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය කුමන හෝ ආස්වාදනය කළ හැකි සිඳුවීමක් සහිත වීම සුලභයි.සමහර විට ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය වෙන්න පුළුවන්.එසේ නොවන යම් අශෝභන සිඳුවීම් ද ඒ අතරට එන්නත් පුළුවන්.ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හී දී ඇරඹුණ එංගලන්ත – ශ්‍රී ලංකා සිව්වන ටෙස්ට් තරගයේ දි මුලින්ම ලෝකයේ අවධානයට පාත්‍ර වුණේ ඉන්දීය සටන්කාමී පිතිකරුවා රිෂාන්ට් පාන්ට්ගේ කැපවීම,අප්‍රතිහත ධෛර්‍යය වැනි කාරණායි.ඒ ඔහු පන්දුවක් වැදීමෙන් අස්ථි බිදිමකට ලක්ව තිබියදී සිය කණ්ඩායමේ ලකුණු පූවරුව ඉහළ දැමීම සඳහා පැමිණ රැස් කළ අර්ධ ශතකය නිසයි.ලෝකයේ ක්‍රිකට්වලට ආදරය කරන සියල්ලම පාහේ මේ ගැන බොහොම ගෞරවයෙන් ඇගයීමෙන් යුතුව කතා කළා.


පාන්ට් ගේ ඉණිම සමඟ ඉන්දියාව පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 358 ක් රැස් කරන්නට සමත් වුණා.එහෙත් යම් අභියෝගයක් එල්ල කරන්නට හැකි වේ යැයි සිතන එම ලකුණු පූවරුවේ සටහන් වූ ලකුණු ප්‍රමාණය ඉතා පහසුවෙන් පසු කරගෙන ඉදිරියට ඇඳෙන එංගලන්තයේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවා ජෝ රූට් මේ ඉණිම සමඟ ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් වෙනවා.
මහේල ජයවර්ධන ක්‍රීඩක දිවියට සමුදීමෙන් ඉනික්බිති යම් කාලයක් එංගලන්ත කළු්ඩායමේ පිතිකරණ පුහුණුකරුගේ වගකීමට උර දුන්නා.ඒ රූට් ගේ මුල් අවදියයි.එ‘කළ මහේල තරුණ රූට් ලෝකයේ විශිෂ්ඨතම පිතිකරුවෙක් වන බවට අනාවැකියක් පළ කළා.අද ඔහු ඒ මාර්ගයේ බොහෝ දුර පැමිණෙමින් ඔහුට ඉදිරියෙන් සිටින පිතිකරුවන් පසු කරමින් සිටිනවා.


මෙම ඉන්දියාවට එරෙහිව තරගයේ එංගලන්ත ඉණිම තවම නිමා වී නැහැ.කඩුලු 7 ට ලකුණු 544 දක්වා පැමිණි එම ගමණේ රූට් ප්‍රධාන දායකයා වුණා.ඔහුගේ පිත්තෙන් වාර්තා වුණ ලකුණු 150 ගැන ලෝකයම කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා.ඒ රූට් ශතක ලබා ගැනීමට ආගන්තුයෙකු නිසා නොවේ.ඔහු ක්‍රීඩා කළ ඉණිම ක්‍රිකට් ඉතිහාසය හා සසඳද්දි වටිනාම ඉණිමක් බවට පත්ව තිබෙනවා.


රූටි මෙම ටෙස්ට් තරගයට මුහුණ දෙන විට ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ලකුණු 13259 ක් රැස් කර ගෙන සිටියා.ඒ වන විට වැඩිම ටෙස්ට් ලකුණුු එකතුව සහිත සචින් ටෙන්ඩුල්කාර්ගේ ලකුණු 15921 ට ආසන්නයේ පසුපසින් සිටිය පිතිකරුවන් වූයේ රිකී පොන්ටිං (13378),ජැක් කලීස් (13289) සහ රාහුල් ඩ්‍රාවිඩ් (13288) යන අයයි.එහෙත් රූට් රැස්කළ ලකුණු 150 ට පසුව ඔහුගේ 13409 ක් වෙනවා.එක විශිෂ්ඨ ඉණිමක් හරහා ඔහු ලෝකයේ සිටි අති දක්ෂ පිතිකරුවන් තිදෙනෙකු එකවර පසු කර යමින් සචින් ට පසුව සිටින දෙවැන්නා වෙද්දී වයස අවුරුදු 34 දින 208 කි.


මේ වයස සහ ලකුණු වගේම එංගලන්තයට ඇති ඉතිරි ටෙස්ට් තරග දෙස බැලුවත් රූටි සිටින කායික යෝග්‍යතාවය සහ රිද්මය අනුව සචින්ගේ ලකුණු ප්‍රමාණයට අභියෝග කළ හැකි ඉඩක් ඔහුට තිබෙනවා.එහෙත් ඒ අතර මඟ තමන් සුපුරුදු රිද්මයෙන් ගිලිහෙමින් සිටින බව දැණුනොත් බොහෝ විට දකුණු ආසියාතික රටවල මෙන් ලකුණ ලකුණ හෝ එක් කරමින් කණ්ඩායමේ සිට වාර්තාවට යන්නට ජෝ රූට් උත්සාහ කරනු ඇතැයි සිතිය නොහැකියි.ඔවුන්ගේ වෘත්තීයභාවයේ එක් ලක්ෂණයක් වන්නේ ගෞරවය වෙනුවෙන් ආස්වාදය අත් හැරීමේ හැකියාවයි.


පැය පහයි විනාඩි 49 ක් තුළ පන්දු 248 ට මුහුණ දෙමින් රැස් කළ රූට් ගේ ලකුණු 150 වඩාත් වැදගත් වන්නේ ලකුණු පූවරුව 197 ක් ව තිබියදී පිටියට පිවිස ලකුණු පූවරුව 499 ක් වන තෙක් කඩුල්ලේ රැදී සිටිම නිසයි.ඒ නිසා මේ ලකුණු 544 ඉණිමේ බිඳ වැටෙන්නට ඇඳ වැටෙන්නට නොඳුන් නැංගුරම සේ ක්‍රියාත්මක වූ රූට් පෙන්නුම් කළේ සචින් අභිබවා යාමට අවශ්‍යය ලකුණු 1000 ට මදක් වැඩි වූ ලකුණු ප්‍රමාණය වෙන්වෙන් තවත් ටෙස්ට් තරග 20 – 25 ක් ක්‍රීඩා කිරීමට තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය අනුව කජ්ජක් නොවන බවය.
තරගයේ ලකුණු පූවරුව කියවාගන්න.- https://bit.ly/3IKUJvk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...

චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...