වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි අගනුවර සිට මධ්‍යම නගරය වන ඩා නන්ග් දක්වා ජාතික අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබු සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු මගීන් 10දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

දකුණු චීන මුහුදට මුහුණලා පිහිටි හිටපු ප්‍රංශ යටත් විජිත වරාය නගරයක් වන ඩා නන්ග්, රටට පැමිණෙන දේශීය සහ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇත.

මියගිය අයගෙන් පස් දෙනෙකු නිවාඩු සඳහා ඩා නන්ග් වෙත ගමන් කළ දේශීය සංචාරකයින් බව රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇති අතර වියට්නාම අගමැති ෆාම් මින් චින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කර තිබේ.

වියට්නාමයේ රථවාහන අනතුරු බහුලව සිදුවන අතර,  රජයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්ත වලට අනුව මෙම වසරේ මුල් භාගයේදී මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 5,024 දෙනෙකු මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...