මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මාතර දිස්ත්‍රික් ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවය ගෙවුණු සති අන්තයේ මාතරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මෙහිදී වසරේ ක්‍රීඩිකාව ලෙසින් මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි සම්මානයට පාත්‍ර වූවාය.අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කර ඇති රහ්මිකා මේ වන විට ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති ජාතික සංචිතයේ සාමාජිකාවක් වන්නීය.වේග පන්දු යැවීමට හැකියාවත් ඇති තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් අනාගතයට අතිශයින් වැදගත් ක්‍රීඩිකාවක් ලෙස ඇය හැඳින්විය හැකිය.

මෙහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ දිනිරු අබේවික්‍රම ය.මීට අමතරව අවු. 13, 15, 17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැති බාළක ක්‍රිකට් තරගාවලිවලද අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේද දක්ෂතා දක්වන ලද ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සම්මාන පිරිනැමිණ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවු. 15 න් පහළ සහ 19 න් පහළ බාළක වයස් කාණ්ඩ සහ අවු. 19 න් පහළ බාළිකා වයස් කාණ්ඩය යටතේ පවත්වන ලද ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායම්වල ක්‍රීඩකයින්ටද සම්මාන සහ සහතික පත් මෙදිනදා ලබාදීම සිදුකෙරිණ. මීට අමතරව සමස්ථ ලංකා පාසල් පන්දුවාර ටී-10 තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනූ මාතර පාසල් දෙකක් වන ශාන්ත සර්වේශස් විදුහල සහ මාතර රාහුල විදුහලේ ක්‍රීඩකයින්වද අගයමින් ඔවුන්ට කුසලාන සහ සහතික පත්‍ර ලබාදීම කැපී පෙනිණ.


ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගිවුණු මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා මාතර නගරාධිපති ජයන්ත පතිරණ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රදානය පුහුණුකරු සනත් ජයසූරිය යන මහත්රුද සහභාගි වූහ.
මෙම සම්මාන ප්‍රධාන අතරතුරදී ඒ ඒ පාසල් සහ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රිකට් උපකරණ ප්‍රධානයක්ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


බාලක අංශය
අවු. 13 න් පහළ
දක්ෂතම පිතිකරු – සෙතුජ මඳිනු (ශාන්ත තෝමස්)
හොඳම පන්දු යවන්නා – වින්දිල චනුත් (ශාන්ත තෝමස්)
දක්ෂතම පන්දු රකින්නා – තරිඳු තිලකවර්ධන (රාහුල)
තුන් ඉරියව් ක්‍රීඩකයා – තේනුක නිසලිත (ශාන්ත සර්වේශස්)
අවු. 15 න් පහළ
දක්ෂතම පිතිකරු – යොමිරු සස්වින් (ශාන්ත තෝමස්)
දක්ෂතම පන්දු යවන්නා – කවීෂ ගයාෂාන් (ශාන්ත සර්වේශස්)
දක්ෂතම පන්දු රකින්නා – මහීම යුතුම් (ශාන්ත සර්වේශස්)
තුන් ඉරියව් ක්‍රීඩකයා – කුසලක තරුල් (ශාන්ත සර්වේශස්)
අවු. 17 න් පහළ
දක්ෂතම පිතිකරු – විරාන් චමුදිත (ශාන්ත සර්වේශස්)
දක්ෂතම පන්දු යවන්නා – විරාන් චමුදිත (ශාන්ත සර්වේශස්)
දක්ෂතම පන්දු රකින්නා – චමරිඳු නෙත්සර (ශාන්ත සර්වේශස්)
තුන් ඉරියව් ක්‍රීඩකයා – විරාන් චමුදිත (ශාන්ත සර්වේශස්)
අවු. 19 න් පහළ
දක්ෂතම පිතිකරු – චමරිඳු නෙත්සර (ශාන්ත සර්වේෂස්),
දක්ෂතම පන්දු යවන්නා – විරාන් චමුදිත (ශාන්ත සර්වේශස්)
දක්ෂතම පන්දු රකින්නා – පෙසඳු සංජන් (ශාන්ත සර්වේශස්)
තුන් ඉරියව් ක්‍රීඩකයා – විරාන් චමුදිත (ශාන්ත සර්වේශස්)
බාළිකා අංශය
අවු. 19 න් පහළ
දක්ෂතම පිතිකාරිණිය – රිෂ්මි සංජනා (අනුර විදුහල)
දක්ෂතම පන්දු යවන්නිය – සිනෙලි සිත්තරා (මහින්ද රාජපක්ෂ)
දක්ෂතම පන්දු රකින්නිය – ලකිනි නිම්සරා (අනුර විදුහල)
තුන් ඉරියව් ක්‍රීඩිකාව – රිශ්මි සංජනා (අනුර විදුහල)
වසරේ දක්ෂතම ක්‍රීඩකයා – දිනුර අබේවික්‍රම (ශාන්ත සර්වේශස් විදුහල)
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – රිස්මි සංජනා (අනුර විදුහල)
සමස්ථ ලංකා පාසල් ටී-10 2024 තරගාවලියේ ශූරතාව – මාතර ෂර්වේෂස් විදුහල – ඉවාන් සොලොබිට්සිකි කෙනුල් හංසන රිසිනු කිත්නුක, ප්‍රවීන් මධුශංක, හේෂාන් මධුශංක, චලන ඉන්දුෂ, රවීන් කාවින්ද, විරාන් චමුදිත, චමරිඳු නෙත්සර, විශ්ව සුපුන්, සමිරු ගිම්හාන්, ප්‍රවීන් මිහිරංග.
සමස්ථ ලංකා පාසල් ටී-10 2024 තරගාවලියේ අනුශූරයින් රාහුල විදුහල
සදෙව් රිද්මක, එස්.ඩී. හේවා බෙට්ටගේ, සනුක ධමිදු, නදිල් සන්දේශ්, ජේ.ටී. විජයවර්ධන, ඔෂාන් තේනුක, නෙහාන් නිර්මල, ඉජිත ඉන්දුම, ඩී.ජී.අයි.පී. පබසර, තිසර නෙත්සර, උචිත නෙත්සර, ගිම්හාන් අබේසිංහ.
අවු. 19 න් පහල ශ්‍රී ලංකා යූත් ලීග් බාළක තරගාවලිය නියෝජනය – මිනුග ලක්විඳු (රාහුල), P.S ලියනගේ (රාහුල), පවර පබසර (රාහුල), ච්.ජී.සදෙව් රිත්මක (රාහුල), එස්. ඩී. හේවා බත්තගේ (රාහුල), සේලක් පීරිස් (රාහුල), උචිත නෙත්තර (රාහුල), කේ.චමරිඳු නෙත්සර (ශාන්ත සර්වේශස්), දිනිරු අබේවික්‍රමසිංහ (ශාන්ත සර්වේශස්), රවීන් කාවින්ද (ශාන්ත සර්වේශස්), සමිරු ගිම්හාන් (ශාන්ත සර්වේශස්), සංජු ඩිල්ෂාන් (ශාන්ත සර්වේශස්), සනී පෙරේරා (ශාන්ත සර්වේශස්), විරාන් චමුදිත (ශාන්ත සර්වේශස්), විශ්ව සුපුන් (ශාන්ත සර්වේශස්), අබ්දුල් මාජිඩ් (ශාන්ත තෝමස්),, ජිමුත් ඉද්දමල්ගොඩ (ශාන්ත තෝමස්), කුමේෂ් නුවංජන (ශාන්ත තෝමස්), ලෝෂිත දික්සිත් (ශාන්ත තෝමස්), මනුග යෝනාල් (ශාන්ත තෝමස්), නවීජ ද සේරම් (ශාන්ත තෝමස්), ඔචින්ත චාමික (ශාන්ත තෝමස්), පෙසඳු සංජන (ශාන්ත තෝමස්), සෙනුර ගිහාන් අබේසේකර (ශාන්ත තෝමස්)
අවු. 19 න් පහල ශ්‍රී ලංකා යූත් ලීග් බාළිකා තරගාවලිය නියෝජනය – රශ්මිකා සෙව්වන්දි (අනුර), රිස්මි සංජනා (අනුර විද්‍යාලය), විශ්මි සවිඳි (අනුර විද්‍යාලය), ලක්නි නිම්සරා (අනුර විද්‍යාලය), දුමින්ෂා රන්දිශානි (අනුර විද්‍යාලය), අප්සරා මදුමාලි (අනුර විද්‍යාලය), නෙතුනි සෙහස්නා (අනුර විද්‍යාලය), සෙහස්නා නෙත්සරණි (අනුර විද්‍යාලය), සනුති තසන්යා (අනුර විද්‍යාලය), සදුනි නිසංසලා (අනුර විද්‍යාලය), සෙනුත්මි දහම්නා (අනුර විද්‍යාලය),ඔනේලි ජයන්දි (අනුර විදුහල), සුභංගි සංකල්ප (දෙයියන්දර ජාතික පාසල), සිනාලි සිත්තරා (මහින්ද රාජපක්ෂ), තිශුරි සංජලා (නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය), සෙනුදි විජේසේකර (සුජාතා විද්‍යාලය)
අවු. 15 න් පහළ ශ්‍රී ලංකා යූත් තරගාවලි නියෝජනය – මහිම යෙහෙන්දු (මාතර මැදි මහ), ලසඳු මින්තුජ (බෞද්ධ විද්‍යාලය, මහිම දිහන්ජි (ශාන්ත සර්වේශස්), දෙව්මිණ ගම්මන්පිල (රාහුල), දුල්මිණ පතිරණ (රාහුල), හිරුන් මන්යුග, ජිනෙත් මෙත්මිර (රාහුල), කිනාල් දිල්මිත් (රාහුල), පවන් දුල්සර (රාහුල), කවීෂ ගයාෂාන් (ශාරිපුත්‍ර), විමෂ නිම්සර (ශාන්ත සර්වේශස්), කුසලක තරුල් (ශාන්ත සර්වේශස්), ලසිරු ලක්දිනු (ශාන්ත සර්වේශස්), මහිම උතුම් (ශාන්ත සර්වේශස්), මොහොමඩ් ෂියාබ් (ශාන්ත සර්වේශස්), ඔනිරු විමන්දිත් සේනාරත්න (ශාන්ත සර්වේශස්), සෙව්හස් ලක්සිහ (ශාන්ත සර්වේශස්), තරුෂ් නෙත්සර (ශාන්ත සර්වේශස්), ජෙනුල් කණ්ඩම්බි (ශාන්ත සර්වේශස්), දිනරා ඉද්දමල්ගොඩ (ශාන්ත තෝමස්), දිනුර පවන්ජිත් (ශාන්ත තෝමස්), යොමිරු සස්වින් (ශාන්ත තෝමස්), තත්සර විමුක්ති (ශාන්ත තෝමස්), දිනත් චෙතුල (ඌරුබොක්ක ජාතික පාසල)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...