රුසියාව කපා හරින යුරෝපයේ ”ගෑස්” ..

Date:

රුසියාවේ ප්‍රධානතම ගෑස් කර්මාන්තශාලාව වන Gazprom ආයතනය යුරෝපයට ගෑස් අපනයනය කරන Nord Stream 1 නල මාර්ගයේ තවත් ටර්බයිනයක් නවත්වා ඇත. එය දෛනික ගෑස් නිෂ්පාදනය 20% දක්වා අඩු වන අතර එය වර්තමාන සැපයුම් මට්ටම අඩකින් අඩු කරන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජර්මන් රජය ප්‍රකාශ කර තිබුණේ ගෑස් කප්පාදු කිරීමට කිසිදු තාක්ෂණික දෝෂයක් නොමැති බවයි. මේත් සමඟ යුරෝපයට ශීත සෘතුව වෙනුවෙන් ගෑස් හා ජලය ගබඩා කර ගැනීම බරපතල තර්ජනයක්ව ඇත.

Nord Stream 1 නල මාර්ගයෙන් රුසියාවේ සිට ජර්මනියට ගෑස් ප්‍රවාහණය කරන අතර මෙම මාසයේම දින 10ක කාලයක් නඩත්තු කටයුතු වෙනුවෙන් සම්පූර්ණ ගෑස් සැපයුම වසා දැමීමට පසුගිය දින කිහිපය තුළ රුසියාව කටයුතු කරන්නට විය. එමෙන්ම රුසියාව මේ වන විට පසුගිය වසරට සාපේක්ෂව 40% ගෑස් කප්පාදු කර ඇත.

ඉදිරි මාස හත තුළ ගෑස් භාවිතය 15% කින් කපා හරින ලෙස යුරෝපීය කොමිසම රටවල්වලින් ඉල්ලා සිටියේ රුසියාව විසින් ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකි බවට අනතුරු ඇඟවීමෙන් පසුවය.පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු තොග ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර පාරිභෝගික බලශක්ති බිල්පත් කෙරෙහි බලපෑම් එල්ල විය. මේ සම්බන්ධයෙන් යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ රුසියාව ගෑස් නවතා දැමීම මඟින් යුරෝපයට එරෙහිව අභ්‍යන්තරික යුද්ධයක් ගෙන යන බවයි.

කෙසේ නමුත් Gazprom නිවේදනය කර තිබුණේ Nord Stream 1 නලයේ ටර්බයින දෙකෙන් එකක තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගෑස් අපනයනය අඩු කිරීම හෙට දිනයේ සිට සිදුවන බවයි.
මේ සම්බන්ධයෙන් ජර්මන් මුදල් අමාත්‍යවරයා AFP පුවත් ඒජන්සිය වෙත ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවේ වාර්තවන දත්ත වලට අනුව කිසිදු තාක්ෂණික ගැටලුවක් අනාවරණය නොවන බවයි. රුසියා සමූහාණ්ඩුව වෙනුවෙන් යුරෝපය විසින් සම්බාධක රැසක් පනවා ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස රුසියාව මෙවැනි ක්‍රියාමාර්ග වලට යන බව විචාරකයන් පෙන්වා දේ.

රුසියාව ඔවුන් සතු බලශක්තිය මේ වන විට ආයුධයක් කරගෙන තිබේ. ගෑස් කප්පාදුව පිළිබඳ එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් Gazprom හි ප්‍රධාන විධායක ඇලෙක්සි මිලර් ප්‍රකාශ කර තිබුණේ “අපගේ නිෂ්පාදනය, අපගේ නීති. අපි නිර්මාණය නොකළ නීති මගින් අපි සෙල්ලම් කරන්නේ නැහැ,” යනුවෙනි.

මේ වන විට Gazprom විසින් බල්ගේරියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ පෝලන්තය යන රටවලට ඔවුන්ගේ බිල්පත් රුබල් වලින් ගෙවීමට කරන ලද නියෝගයට අවනත වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ගෑස් සැපයුම මුළුමනින්ම කපා හැර තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?