*
Friday, March 29, 2024
spot_img

Latest Posts

DG ත් කණ්ඩායම් නිලධාරියෙක් හැටියට බර්මින්ග්හැම් වෙත

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් පත් කරන ලද ක්‍රීඩා කණ්ඩායමේ කණ්ඩායම් කළමණාකරුවෙක් ලෙස පත් කර ඇත.බොහෝ විට මේ සඳහා හේතු වන්නට ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම පාහේ ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ඇති කර ගන්නා විරසකයන්ට පිළියමක් ලෙස ය.
මෙහිදී ජාතික කණ්ඩායමක් තේරීමේ දී අවසාන වශයෙන් සිඳුවන අසාධාරණයකදී යා යුතු තැන වන්නේ ක්‍රීඩා සංගම්වල පාලනය සිඳුවන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට වන අතර ක්‍රීඩා අ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම සංචාරයට එක්වන්නේ එවැනි ගැටළු ගණනාවක් තිබියදීය.ඔහු විසින් කළ දැණුම් දිමකට අනුව ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය අත්හිට වූ අතර නමුත් අධිකරණය මඟින් එම තීරණයට අභියෝගයට ලක් කරමින් මේ වන විට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රගර් පරිපාලනය නම් කළ කණ්ඩායම් මේ සංචාරයට එක්ව ඇත.එසේම බැඩ්මින්ටන් සම්බන්ධයෙන් ක්‍රිඩිකාවන් දෙදෙනෙක්ගේ නොතේරීම් සම්බෝධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කරුණු පැහැදිළි කර ඇතත් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලැබී නැත.ශ්‍රී ලංකාවේ අංක එකට ශ්‍රේණිගතව සිටින ස්කොෂ් ක්‍රීඩිකාව වන ෆාතුම් සලීහා ඉසඩීන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතු වුව ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිවැරදි මැදිහත්වීමක් නොකළ වට ද චෝදන ඇත.ජාතික ඔලිම්පික් කමිටුවේ ෆෙස්බුක් අඩවියට ද ඒ සම්බන්ධයෙන් පළ කර සටහනකදි විවේචන එල්ල වී තිබෙන අතර ඒවාට විසඳුම් සැපයිය යුතු නිලධාරියා කණ්ඩායමේ කළමණාකරුවෙක් ලෙස සංචාරයට එක්ව ඇත.

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සිටම ස්කෝෂ් ක්‍රීඩිකාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැති අතර එහිදී ද අමාත්‍යවරයාද වගකීම පවරා ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටය.ශ්‍රී ලංකාවේ අංක එක මෙන්ම ලෝක ශ්‍රේණිගත කරීම්වල අංක 246 ට සිටින ක්‍රීඩිකාව තරගාවලියට සහභාගි නොකිරීම සම්බන්ධයෙන් කිසිවක් සිඳු වි නැතත් වගකිම පැවරුණු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම සංචාරයට කණ්ඩායම් කළමණාකරුවෙක් ලෙස සහභාගි වන්නේය.

කෙසේ හෝ මේ සංචාරයෙන් පසුව එය ලැබුණු විදේශ සංචාරයක් පමණක් කර නොගෙන ජාතික ඔලිමිපික් කමිටුවට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මෙහෙයවන ක්‍රීඩා උළෙලකදී පැවරෙන වගකීම සහ එය ඉටු කිරීමට දැරිය යුතු වෙහෙස ගැනත්,ක්‍රීඩා අමාත්‍යංශ්‍යට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට එහිදි පැවරෙන රාජකාරිය සහ මැදිහත්වීමේ ප්‍රමාණය කෙතරම් ද යන්න පිළිබඳවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හඳුනාගැනීම වැදගත්ය.එය හ දුනාගෙන තම එකිනෙකාට ජාතිකමය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව හැසිරිවීමට ඇති සීමාවන් සම්බන්ධයෙන් හරි නිර්වචනයකට පැමිණ ඒ ගැන ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමද වටිනා ක්‍රියාවක්ය.

මේ සංචාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එකතුවන සමස්ත ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් සංඛ්‍යාව 162 ක් ඇතුළත්ය.අමල් එදිරිසූරිය කණ්ඩායම් කළමණාකරුවන් තිදෙනාගෙන් අයෙක් වන අතර ඔහුට කණ්ඩායම් ප්‍රධානි දම්පත්‍ ප්‍රනාන්දු යටතේ මෙන්ම සෙසු කණ්ඩායම් කළමණාකරුවන් වන අත්දැකීම් ඇති ගාමණි ජයසිංහ සහ චන්දන ලියනගේ යටතේ ජාත්‍යන්ර ඔලිම්පික් කමිටුයේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක ක්‍රිඩා උළෙලක ස්වභාවය ගැන විශා අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාව හිමිවනු ඇත.එසේම ක්‍රීඩා ගම්මානයක සංස්කෘතික අත්දැකිම නිලධාරියෙක් ලෙස විඳිමේ දුර්ලභ අවස්ථාවද අමල් එදරිසූරිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලැබෙනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan