සර්ව පාක්ෂික ආණ්ඩුවේ ආරම්භය ලෙස තමයි ජනාධිපති ලෙස රනිලුත් අගමැති ලෙස දිනේෂුත් පත් කළේ!

0
710

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පත්වමින් තිබෙන අතර එය ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඒ, අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මෙහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවේ ආරම්භ සනිටුහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙස පත්කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විශේෂයෙන් මේ මොහොතේ ජාතික වශයෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සර්ව පාක්ෂික එකඟතාවක් අවශ්‍ය අතර එසේ නොකර ක්‍රියාත්මක විය නොහැකි බවයි ගුණවර්ධන මහතා කියා සිටියේ.

එමෙන්ම එදිනෙදා ප්‍රායෝගික කාරණාවලදී පිළිතුරු අවශ්‍ය ගැටළු මතුවෙන අතර විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය ගැටළු වලදී එවැනි එකඟතා අවශ්‍ය බවද හෙතෙම කියා සිටියේය.

ASK