*
Friday, September 27, 2024
spot_img

Latest Posts

කබල රශ්ණෙයි කියා ලිපට නො”පැන සිටීමට පරිස්සම් විය යුතුය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ ගෙවීම් නොව සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට ද නොහැකි තත්ත්වයක තිබුණු බවත්,එය වෙනස් කර මේ වන විට ඉතිහාසයේ වැඩිම ශුද්ධ ලාභය ලබා ඇති බවත්,මේ මුදල්වලට ආසාවෙන් ඇතැම් අය විවිධ චෝදනා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී සභාපති ශම්මි සිල්වා මාධ්‍යයට පැවසීය.ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන පරිදි පුද්ගලයින් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශක පහක මුදලක් ගෙවා ඇති බව ඔප්පු කළහොත් තමන් ඇතුළු කණ්ඩායම ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වන බවය.
එසේම නළු නිළියන්ගේ නම් ඈදමින් ගෙන උප සභාපති ජයන්ත ධර්මදාසට එරෙහිව ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ ශම්මි සිල්වා පෙන්වා දුන්නේ ඔහු නළු නිළියන් ඇසුරු කරන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක් බැවින් ක්‍රිකට් නිසා නොවන බවය.
උප සභාපති ජයන්ත ධර්මදාස පැවසුවේ තමා සභාපතිවරයාව සිටියදී පැමිණි පුහුණුකරු ටොම් මූඩිගේ උසට ගැලපෙන පරිදි පහසුවෙන් ගමන් යා හැකි වාහනයක් රැගෙන දීමටවත් ක්‍රිකට් ආයතනයට මුදල් නොතිබූ බවය.මේ වන විට සභාපතිවරයා හැටියට ශම්මි සිල්වා ජාත්‍යන්තර සංගම් සමඟ හොද සබඳතාවයක් පවත්වා ගනිමින් මේ තත්ත්වය වෙනස් කර ඇති බව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ආදායම් මාර්ග වැඩි කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිළි කරමින් ක්‍රිකට් තරගාවලි සම්බන්ධයෙන් අවශ්‍යය විකාශන අයිතිය හා අනිත් සේවාවන් එක පොකුරට විකිණීමේ සම්ප්‍රදාය අවසන් කර ඇති බවත් වෙන වෙනම විකිණීමෙන් වෙනම ආදායමක් ලැබෙන බවත් ඔහු පැහැදිළි කළේය.
ඉදිරි වසර දෙක තුළ මිලියන 35 ක ලාභය මිලිය70 දක්වා ගෙන යා හැකි බවට සභාපතිවරයා කළ ප්‍රකාශය මාධ්‍ය මඟින් පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ හම්මි සිල්වා පැහැදිලි කළේ එය වෙනත් තරගාවලි මෙරටට ලබා ගැනීමට ඉන්දියාවේ ආධාරය මත හැකි වී තිබෙන නිසා කළ හැකි බවය.ජාත්‍යන්තර විශ්වාසය මූල්‍ය ස්ථාවරය සමඟ ගොඩ නඟාගෙන ඇති බව පැවසූ සභාපතිවරයා මේ තත්ත්වය මත ඉදිරියේදී පකිස්තාන – ඇෆ්ගනිස්තාන තරගාවලියක්ද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව පෙන්වා දුන්නේය.
මූල්‍ය කළමණාකරණය අසාර්ථක වූ ඉතිහාසයේ අයිසිසී වෙත ගිය පාලකයන් කළේ එයින් මුදල් ඉල්ලාගෙන පැමිණීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල එම තත්ත්වය අද වන විට වෙනස් කර රටේ වෙනත් කාරණා සඳහා ද මුදල් දෙන බවත් ශම්මි සිල්වා ප්‍රතිශ කළේය.පිළිකා රෝහල,ළමා රෝහල මෙන්ම ඉදිරියේදි ළමා හදවත් රෝග සම්බන්ධයෙන් වන වැඩ සටහනටද ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වන බව පැවසීය.ක්‍රිඩා අමාත්‍යංශයට ද මුදල් හිඟ බව පැවසූ විට එයටද ක්‍රීඩා සංවර්ධන අරමුදලට ද මිලියන 300 ක මුදලක් දී තිබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.එසේම අමාත්‍යංශය විසින් පත් කළ තාක්ෂණික කමිටුව සමඟ ද සහයෝගයෙන් වැඩ කරන බව ශඹ්මි සිල්වා පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ ද ක්‍රිකට් ආකර්ශණය වැඩි කිරිම සඳහා ජනප්‍රිය නළු නිළියන් ඒ සමඟ සමීපව වැඩ කරන බව පැවසූ ශම්මි සිල්වා ශ්‍රී ලංකාවේ ද එසේ උනන්දුවක් දක්වන අයට වීසා ලබා ගැනීමට ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර ලිපි නිකුත් කර තිබෙන බව පෙන්වා දුන්නේය.එය ක්‍රිකට් ආයතනයට එන සියලු දෙනාට දී නැති බවත් රටකට වීසා ලබා දීම නැවත පැමිණෙන බවට විශ්වාසයක් ඇති අයට පමණක් නිකුත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.එසේ වීසා ලබා ගැනීම සිඳු කරන්නේ ක්‍රිකට් ආයතනය නොවන බවත්,තමන්ට කළ හැකි නිර්දේශය මත වුව ද,වීසා ලැබීම ප්‍රමාද වීම නිසා එම තරගාවලියට තමන්ගේ හිතවතුන් සේ නම් කර ඇති 21 දෙනාගෙන් 11 දෙනෙක්ම සහභාගී නොවූ බවත් ශම්මි සිල්වා පැවසීය.
හේෂා විතානගේ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අනවබෝධයෙන් කළ එකක් බව පෙන්වා දුන් ශම්මි සිල්වා සමහර හිටපු ක්‍රීඩකයින් පවා මේ රටේ ක්‍රිකට් 96 න් පසු ලෝක කුසලානයක් දිනා නොගත යුතු බව සිතමින් වැඩ කරන පෙන්වා දුන්නේය.ක්‍රීඩකයින්ට පැනවූ වාරණ,ගෙවීම් නැති කිරීම ආදිය ගැන සිහිපත් කළ සභාපතිවරයා අද වන විට ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් වන ගෙවීම් වැඩි කර ඇති බවත්,ක්‍රීඩක ගෙවීම් යහපත් මට්ටමෙන් සිඳුවන බවත් පෙන්වා දුන්නේය.එසේම ලොව අංක එකේ පිතිකාරිණිය බවට පත් වූ චමරි අත්පත්තුට ක්‍රීඩකයන්ට ගෙවන ගෙවීම් ආකාරයටම ගෙවීම් සකස් කර ඇති බව පැවසූ ශම්මි ක්‍රීඩිකාවන්ගේ තරග ගෙවීම් ද ක්‍රීඩකයන්ගේ තරග ගෙවීම් මට්ටමට උසස් කර තිබෙන බව පෙන්වා දුන්නේය.එසේම ක්‍රීඩා සමාජ 10 ක් දක්වා කාන්තා ක්‍රිකට්වල තත්ත්වය උසස් කර ත්‍රීඩා සමාජ අතර කාන්තා ක්‍රිකට් සීමිත පන්දුවාර සහ විස්සයි විස්ස තරග පැවත්වීමට අදහස් කර තිබෙන බවත් ශම්මි සිල්වා පෙන්වා දුන්නේය.
බිලියන 35 ක ශුද්ධ ලාභයක් මෙන්ම,ක්‍රිකට්වල තත්ත්වය දියුණු කිරීමටත්,වෙනත් සමාජ කාර්යන් සඳහා ආධාර දීමටත් කටයුත් කරපු විධායක මණ්ඩලය මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරිමට වැටුපක් නොලබන බව සභාපතිවරයා පැවසීය.මිලියන 67 ක මුදලක් ඔවුන් වියදම් කර බවට ඔවුන්ට එල්ල කරන චෝදනාව එසේ උපයා දුන් මිනිසුන් ලෝක කුසලානය නැරඹීට යාම සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් බවත්, ණයට වැටී තිබූ,සේවක පඩිවත් ගෙවා ගැනීමට නොහැකිව තිබුණ ආයතනයක් රටටත් ක්‍රිකට්වලටත් සේවය කරන තැනක් සහ විශාල ලාභයක් ඇති තැනක් බවට පත් කර පසුව එම අවස්ථාව ලබා ගැනීම වරදක් සේ නොසිතන බවත් ශම්මි සිල්වා පෙන්වා දුන්නේය.
ඔහු දිගින් දිගටම අවධාරණය කරන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් අසාර්ථකව පාලනය කළ පිරිස් යළිත් මේ මුදල් දැක අසාධාරණ චෝදනා කරමින් පාලනය ලබා ගැනීමට දරණ වෑයමක් හැටියටය.
මෙහිදී සමස්ත රූපය සම්බන්ධයෙන් අප දරණ අදහස මේ ගැන අදහස් දැක්වීම සීරුවට කළ යුතු එකක් බවය.කබල රශ්නෙයි කියා ලිපට දැමීමට යාම වෙනුවට අගෝස්තු 22 වන දිනට පෙර විගණනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරපත් කරන තොරතුරුවලින් පසුව ලැබෙන පිළිතුර ගැන අවධානය යොමු කිරීම වඩාත් වටින බව පැහැදිළිය.ක්‍රිකට් ලාභය යනු, ඉතිහාසය සමඟ සංසන්දනාත්මකව කළමණාකරනයේ දක්ෂතාවයක් බව අප පිළිගත යුතු ඇත්තකි.නමුත් ක්‍රීඩක දක්ෂතාවය එහි ශිල්පීය ගුණයෙන් යම් පහළ මට්ටමක තිබෙන අතර වරින් වර ලෝකයේ කිසිඳු කන්ඩායමකට ක්‍රීඩකයෙකුට දෙවැනි නොවන සේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සහ ක්‍රීඩකයන්ගෙන් මතුවන දස්කම් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අඩුවක් පවතියි.එය ඇත්තටම ශිල්පිය ගුණයේ අඩු පාඩුවක්ද,ක්‍රීඩකයින්ගේ ධනාත්මක චින්තනයේ පසු බැස්මක් ද යන්න සැළකිල්ලට ගත යුතු අතර වඩාත් ලාංකේය පොළව හා සංස්කෘතිය සමඟ බැදුණු මානසික අභිප්‍රේරකයෙක් කණ්ඩායමට නිත්‍ය වශයෙන් සම්බන්ධ කර නොගැනීම යම් හිස් තැනක් සේ දැකිය හැකිය.ශ්‍රී ලංකා ක්‍රිකට ඒ සම්බන්ධයෙන්ද යම් අවධානයක් යොමු කරන්නේනම් එය ක්‍රිකට් හී පැවත්මට අතිශයින් වැදගත් වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan