මැනිං වෙළෙඳපොළේ විරෝධයට එක් වූ පිරිසක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:පෑළියගොඩ මැනිං වෙළඳපොළේ විරෝධතාවකට එක්ව සිටි මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා ඇතුළු පිරිසක් පෑළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝගයක් නොතකා විරෝධයේ නිරතවීමෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පෑළියගොඩ මැනිං වෙළඳපොළේ අද (26) පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනයට එරෙහිව කොළඹ, අලුත්කඩේ, අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිණ.

ඒ අනුව වෙළෙඳ සංකීර්ණයට පැමිණි පොලීසිය පිරිසක් බස් රථයක නංවාගෙන ගිය බවත් 10ක් 12ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි සෙසු ව්‍යාපාරිකයින් සඳහන් කර ඇත.

ව්‍යාපාරිකයින් විරෝධය දක්වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට වන අතර පිටකොටුවේ සිට පෑළියගොඩට පැමිණීමෙන් පසු ව්‍යාපාරිකයින්ට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුදුවත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් කිසිදු මැදිහත් වීමක් කර නොමැති පසුබිමක මෙම විරෝධය සංවිධානය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...