සංචාරකයන් රැගත් වාහනයක් ප්‍රපාතයකට පෙරළෙයි

0
400

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (26) උදෑසන වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු සහ සංචාරකයන් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරන අතර, වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති  බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??