ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවකට ජල ප්‍රහාර

Date:

කොළඹ (LNW): සිරගත කොට දින 200 ඉක්මවයි!කැලුම් -දිල්ශාන් වහා නිදහස් කරනු!

යන සටන් පාට මුල්කර ගනිමින් අද(26) දින දහවල් කොළඹ  ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ලකොට විරෝධතා කරුවන් විසුරුවා හැරුණි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය  බලමණ්ඩලය මෙහෙයවීමෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විණි.

විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පා ගමනින් යාමට සූදානම් වීමේදී මෙලෙස ජල ප්‍රහාර එල්ල කෙරුණි.

කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය  සංගමයේ ශිෂ්‍ය  ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන කැලුම් – දිල්ශාන් යන සිසුන් දෙදෙනා සිරගත කොට දින 200 ඉක්ම ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතා උද්ඝෝෂණ  ව්‍යාපාරය සහ පා ගමන සංවිධානය කොට තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නැරැඹීමට අපගේ ReadPhotos සමඟ එක්වන්න.

https://www.readphotos.com/photo-stories/586/Protesters-at-Lipton-Circle-in-Colombo-dispersed-by-water-cannons

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...