ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවකට ජල ප්‍රහාර

Date:

කොළඹ (LNW): සිරගත කොට දින 200 ඉක්මවයි!කැලුම් -දිල්ශාන් වහා නිදහස් කරනු!

යන සටන් පාට මුල්කර ගනිමින් අද(26) දින දහවල් කොළඹ  ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ලකොට විරෝධතා කරුවන් විසුරුවා හැරුණි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය  බලමණ්ඩලය මෙහෙයවීමෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විණි.

විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පා ගමනින් යාමට සූදානම් වීමේදී මෙලෙස ජල ප්‍රහාර එල්ල කෙරුණි.

කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය  සංගමයේ ශිෂ්‍ය  ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන කැලුම් – දිල්ශාන් යන සිසුන් දෙදෙනා සිරගත කොට දින 200 ඉක්ම ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතා උද්ඝෝෂණ  ව්‍යාපාරය සහ පා ගමන සංවිධානය කොට තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නැරැඹීමට අපගේ ReadPhotos සමඟ එක්වන්න.

https://www.readphotos.com/photo-stories/586/Protesters-at-Lipton-Circle-in-Colombo-dispersed-by-water-cannons

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...