ආනයනික බිත්තරයේ ප්‍රශ්නයක් නැහැ. බොරු බිල්ලෝ මවන්න එපා!

Date:

කොළඹ LNW:ආනයනික බිත්තරයේ කිසිදු ගැටළුවක් නොමැති අතර එය පරිභෝජනයට ගත හැකි බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසන්නේ තමන් හොටල්කරුවෙක් ලෙස එම බිත්තර යොදාගෙන ආහාර පිස ඇති අතර ඒවායේ කිසිදු ප්‍රශ්නයක් මතු නොවුණු බවයි.

එහෙයින් එම බිත්තර සම්බන්ධයෙන් මවන බොරු බිල්ලන්ට නොරැවටෙන ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඉදිරියේදී එම බිත්තර සෑම හෝටලයකටම සහ අපනශාලාවකටම ලැබීමට සලස්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

දන එම බිත්තරයක් රු. 35ක මුදලට ලබාගත හැකි හෙයින් ආහාර මිල ගණන් අඩුකිරීමටද හෝටල් හා ආපනශාලා ක්‍රියාකළ යුතුවන බවද රුක්ෂාන් මහතා පවසයි.

හොටල්කරුවන්ට ලැබෙන වාසිය මහජනතාවටද හිමිවිය යුතුවන බවයි ඔහු පවසන්නේ.

‘මම මේක සාම්පලින් කළා. කොත්තුවට දැම්මා. රයිස් එකට දැම්මා. බුල්සයි කළා. රොටියට දැම්මා. කිසිදු ගැටළුවක් නැහැ. වගකීම් සහතිකය හෝටල් තියෙන මනුස්සයෙක් විදිහට මම ගන්නවා. බොරු බිල්ලන්ට රැවටෙන්න එපා. මම,දැනුත් කාලා පෙන්නුවා. ඒ වගේම මෙරට බිත්තර සංගම්වලටත් සහනයක් ලැබුණා. ඔවුන් ඉල්ලා සිටි පරිදි බිත්තර මිල ගැසට් එක අයින් කරන්න කියල. දැන් ඔවුන්ටත් අඩු මිලට දෙන්න පුළුවන්. ඔවුන්ටත් රු 35ට දෙන්න පුළුවන් නම් මම මැදිහත්වෙලා ලංකාවේ බිත්තරය සියලුම හෝටල් ආපනශාලාවලට යවනවා. ආනයනික ඒවා නැති වුණත් කමක් නැහැ ඒ මිලට දෙනවා නම්. ලංකාවේ අයටත් දැන් අවස්ථාවක් තියෙනවා දැන් එන්න මාර්කට් එකට. එහෙම නැතුව බොරු බිල්ලෝ මවන්න එපා.”යනුවෙන් රුක්ෂාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...

දකුණු කොරියානු ජනාධිපති උතුරු කොරියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයදින ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

“කුබෝටාකරණයේ” මීළඟ අදියර : හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් මෙරට ගොවිබිම් සඳහා අලුත්ම යන්ත්‍ර තුනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්චර්...

කොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගම, බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ඊයේ...