*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

රටටත් අපේ ප්‍රතිපත්තිවලටත් ඔබින අපේක්ෂකයෙක් ගේනවා – පොහොට්ටුවේ අවසන් තීරණය 29

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලබන සඳුදා (29) රැස්වන බවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය එම රැස්වීමේදී ගන්නා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“සඳුදා අපේ දේශපාලන මණ්ඩලය කැඳවලා තියෙනවා. ඒ වෙනකොට අපට දැනුම් දීලා තියෙන අපේක්ෂකයො සම්බන්ධයෙන් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලය දැනුවත් කරලා, ඒ පිළිබඳ තීන්දුවක් අපි දේශපාලන මණ්ඩලය විදියට ගන්නවා. පැහැදිලිවම අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න වගේම මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන්, රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන්නා වූ ඒ පරිපාලනයේ ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනස ඇතිකරන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි පැහැදිලිවම ඉදිරිපත් කරනවා”

ප්‍රශ්නය – අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්වාධීනව ඇප තැන්පත් කරලා තියෙනවා. ඔබතුමාලා කිව්වෙ පොහොට්ටුව ලකුණ බැලට් පේපර් එකේ තියෙනවා කියලා. එතකොට වර්තමාන ජනාධිපතිතුමා නෙවෙයිද ඔය සහාය දෙන අපේක්ෂකයා ?

“අපි පූර්ව නිගමනයන්වලට ඇවිල්ලා ප්‍රකාශ කරන්න සූදානම් වෙන්නෙ නෑ. අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් අවසන් තීන්දුව ගන්නවා. පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදියට මම විශ්වාස කරනවා පක්ෂයක් හදලා තියෙන්නෙ මැතිවරණවලට ඉදිරිපත් වෙන්න. එහෙම නැතිව මැතිවරණ හමුවේ පළායන්න නෙවෙයි. ඒ හින්දා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය, අපි මේ රටට සහ අපට ඔබින දේශපාලන තීන්දුවක් අපට ගන්න පුළුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි ඒ පක්ෂයෙන් ඉන්නෙ. පාර්ලිමේන්තුවෙ තනි පුද්ගලයෙක් විතරයි ඉන්නෙ. ඒ හින්දා එතුමා තීන්දු කරන්න ස්වාධීනව ඇප මුදල් බඳින්න ඕනෙ කියලා. එතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයත් අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා තීන්දුවක් ගත යුතුයි. ඒක අපට අදාළ කාරණයක් නෙවෙයි”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලා රනිල් මහත්තයා එක්ක යනවා කියලානෙ පොඩි කතාවක් තිබුණෙ. දැන් ඒක නැද්ද ?

“එහෙම කතා කියන පිරිසක් ඉන්නවා. අපි ආණ්ඩුවෙ හිටියානෙ, තාම ඉන්නවානෙ. ඊයෙත් අපෙ අය ගිහිල්ලා පනතකට ඡන්දය දුන්නානෙ. ඒ හින්දා ආණ්ඩු පක්ෂෙක ඉන්නවා නම් ඒ වගකීම අපි ඉටුකරන්න ඕනෙ, ඩබල් ගේම් ගහන්න බෑ. ඒ හින්දා පැහැදිලිවම අපි කෙළින් හිටියා. මං ඊයෙත් කිව්වා, අපි ආණ්ඩුව දෙකට කඩන්න, කකුලෙන් අදින්න ගියෙ නෑ. ඒකෙ රිටර්න් එක අපට හම්බුණෙ අපේ පක්ෂය දෙකට කඩන එකට. ඒක එක එක අයගේ දේශපාලන ක්‍රමවේදය, මිනිස්සු හසුරුවන විදිහ. හැබැයි අපි එවැනි පහත් තැනක ඉඳන් දේශපාලන කරන්නෙ නෑ. අපි මේ රටේ අනාගතය වෙනුවෙන් සෘජු දේශපාලන තීන්දු ගන්න පක්ෂයක්. 29 වෙනිදාට අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගමු”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan