එක අපේක්ෂකයෙක්ගේ ඡන්ද ලකුණ සේප්පුව ලු !

Date:

ලොකුපුටුවරණයට දැන් දින නියම වෙලානෙ. දින නියම වෙන්න කලින් ඉඳන්මත් ඕකට ඉදිරිපත් වෙනවාය කියපු අපේක්ෂකයෝ දහ දොළොස් දෙනෙක්ම හිටියා. මේ එයින් එක්කෙනෙක් ගැන කතාවක්.

මෙතුමා මීට කලින් වතාවක ලොකුපුටුවරණයට ඉදිරිපත් වෙලා පැරදුණු කෙනෙක්. පැරදිලා කේස් ටිකකුත් වැටුණු කෙනෙක්. කොහොමවුණත් ඉතින් ඒ ඡන්දෙ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු සල්ලිවලින් යම් ගාණක් මෙතුමා ගාව ඉතුරු වෙලා තිබුණා ලු. ගාණක් කිව්වෙ ඉතින් ඩොලර් කෝටි දෙකක් විතර ගාණක්. ඉතින් ඔය සල්ලි මෙතුමා පරෙස්සමට කියලා සේප්පුවක දාලා තිබුණා ලු.

පරෙස්සමට තියපු දේ ඈලියාවට ගියා වගේ කියලා කතාවකුත් තියෙනවානෙ. ඒකෙන් මේකෙන් අවුරුදු ගාණක් ගිහින් ඔය සල්ලි ගැන බලනකොට සේප්පුවට වේයෙක් රිංගලා අර සල්ලි කොළ මිටි තැනින් තැනින් කාලා ලු !

මාර වැඩේ එතුමාටත් වුණේ … වේයා කෑවා කියලා අහක දාන්න පුළුවනෑ, ඩොලර් නෙ. ඉතින් මේ ඩැමේජ් වෙච්ච ඩොලර් නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු ගන්න එතුමාට සෑහෙන “යුද්ධයක්” කරන්න වුණා කියලාත් පහුගිය ටිකේ ආරංචි පැතිරුණා. අන්තිමේ වැඩේ ගොඩ දාගෙන ලු.

ඒ හින්දා කට්ටියක් කියන්නේ මෙතුමා අලුත් නෝට්ටු ගන්න දීපු සපෝට් එකේ හිලව්වට ලොකු තැනකගේ සයිඩ් සපෝට් එකට ලොකුපුටුවරණයට ඉදිරිපත් වෙනවාය කියලායි. අපි දන්නෙ නෑ ඉතින් ඔව්වා.

තව කට්ටියක් කියන්නේ මෙතුමා එන්නෙ කලින් පාර වගේම ඩොලර් කුට්ටියක් ඉතුරු කරගන්න කියලා. ඒක නම් වෙන්න අමාරුයි. මොකද කලින් පාර මෙතුමා ඉදිරිපත් වුණේ පළවෙනියා වෙන්න බලාගෙන. ඒත් මේ පාර ඉදිරිපත් වෙන්නෙ අන්තිමයා වෙන්න බලාගෙන. එතකොට ලොකු ගාණක් එකතු වෙන්නෙ නෑනෙ.

අනිත් කට්ටිය නම් කියන්නෙ මෙතුමා එන්නෙ සේප්පුවක් ගන්න සල්ලි ටිකක් එකතු කරගන්න කියලා. මොකද බොහොම අමාරුවෙන් මාරු කරගත්තු අලුත් ඩොලර් නෝට්ටු ටික ආයෙ වේයො කන්න තියන්න බෑනෙ. අලුත් සේප්පුවක් ගන්නම වෙනවා.

ඔය කතා අස්සෙ දේශපාලන කරළියේ කට්ටිය කතා වෙන්නෙ මෙතුමාගෙ ඡන්ද ලකුණ “සේප්පුව” වෙන්න ඕනෙය කියලා. ඊටත් වඩා ගැලපෙන ලකුණක් තියෙනවා හැබැයි … ඒක තමයි “කලවැද්දා” ලකුණ. ඒක කියපු ගමන් ඕනෙ කෙනෙක්ට ඩයල් එක කවුද කියලා මීටර් වෙනවා ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...

ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක...