මාලිමාව යුග පෙරළියක. AI තාක්ෂණයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ පළමු ආසියානු දේශපාලන නායකයා බවට AKD පත්වෙයි!

කොළඹ LNW:AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය.

ඒ,ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුඅම්ර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI සහය ලබාගන්නා පළමු අවස්ථාව වීමද ආසියාවේ දේශපාලන නායකයෙකු තම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා AI තාක්ෂණය පාවිච්චි කරන පළමු අවස්ථාවද මෙය වීමය.

පුරවැසියනට භාෂා ත්‍රිත්වයකින් AKD වෙබ් අඩවිය වෙත ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමද විශේෂයකි.

NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියනට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන අතර මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...