“සජිත් ජනපති කරන ජන පවුර” – රත්නපුර රැලියට විශාල ජන සහභාගීත්වයක් ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය විසින් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පවත්වන “ජන පවුර” මහජන රැලි මාලාවේ රත්නපුර දිස්ත්‍රික් ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැලියට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.