*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

විජයදාස දිනවන්න ගමක්,නගරයක් පාසා අපි යනවා – මෛත්‍රී

කොළඹ LNW: විජයදාස රාජපක්ෂ මහතාව ඊළඟ ජනාධිපති ලෙස පත්කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගමක්,නගරයක්, ආසනයක් පාසා යන බව ශ්‍රීලනිප හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඇතැම් පාර්ශව විසින් රාජපක්ෂ මහතා වෙත එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එතුමාගේ හැකියාව,ශක්තිය පිළිබඳ තව සතියක් හමාරක් යන විට දැකගත හැකිවනු ඇති බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය

”ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා අපේ අපේක්ෂකයා විදිහට තෝරාගත්තා. මීට මාස කිහිපයකට කලින්. එතුමා තෝරාගත් විධායක සභා දෙකම ඇත්තටම නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත විධායක සභා. පක්ෂයේ සභාපති ලෙස හිටපු මම ඉවත් වෙලා එතුමව පත්කරගත්තේ විධායක සභාවේ කිසිදු විරෝධයක් නැතිව. ඒ වගේම තමයි තව සමහරු කියනවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි පිටින් ආපු කෙනෙක් කියල. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ විජයදාස රාජපක්ෂ මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන කාලයේ සමහර අය ඉපදිලත් නැතුව ඇති. ඒ නිසා එතුමාට පක්ෂයේ සමජිකත්වය තියෙනවා. පක්ෂය ඇතුලේ ඉතිහාසයකුත් තියෙනවා. අනික තමයි එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2006-2007 කාලයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී ආණ්ඩුවේ වැරදි, දුෂණ හෙළිකළා කියල එතුමාව අස් කළා. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිකමෙන්. ඒ වෙලාවේ එතුමා ගිහින් විපක්ෂයේ වාඩි වුණා. වෙන කළ හැකි දෙයක් නැහැ. ඒ වගේම තමයි ආණ්ඩුවට ගිහින් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු කණ්ඩායම නීති විරෝධී විදිහට ඒගොල්ලන්ගේ නිලධාරීන් තෝරාගත්තා. ඒගොල්ලෝ දැන් යන එනමං නැතුව ඉන්නවා. පැහැදිලිවම කියන්න ඕනේ විජයදාස රාජපක්ෂ මැතිතුමාට ඇතැම් පුද්ගලයින් කරන චෝදනා සහ සාවද්‍ය ප්‍රකාශ සියල්ල අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ චෝදනා එකකවත් ඔප්පු කරන්න පුළුවන් චෝදනා නෙවෙයි. රට වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් කෙළින් හිටපු කෙනෙක් විදිහට එතුමාව සමහර ආණ්ඩුවලින් එළියට දැම්මා. මැතිවරණ ව්‍යාපාරය අපි දැන් පටන් අරන් තියෙන්නේ. අපි ගමක්, නගරයක්, ආසනයක් පාසා යනවා. මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරලා විජයදාස රාජපක්ෂ මැතිතුමා මීළඟට රටේ ජනාධිපති කිරීම සඳහා ලොකු උනන්දුවක් ඇතැම් අංශවල තියෙනවා. ඒවා තව එළියට ඇවිල්ලා නැහැ. ඒක නිසා තව සතියක් හමාරක් යනකොට කාටත් මේ සම්බන්ධයෙන් පෙනෙයි එතුමාට ශක්තියක් තියෙනවද නැද්ද කියල. ඒ ශක්තිය තියෙනවා කියන එක මම බොහොම පැහැදිලිව කියනවා.” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan