*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා අන්තර්කරණය වූ මෙන්ම ප්‍රවේශ විය හැකි ජනාධිපතිවරණයක්!

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය වසර 2024 සැප්තැම්බර් මස 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කිරීම සහ එකී මැතිවරණයේදී ආබාධ සහිත ඡන්දදායකයින්ට සහාය දැක්වීම පිණිස නව ක්‍රියාමාර්ග හඳුන්වා දීම සාදරයෙන් පිළිගනු ලබයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට නියමිත ආබාධ සහිත ඡන්දදායකයින් උදෙසා වැඩි දියුණු කළ ප්‍රවේශ්‍යතා පහසුකම් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දක්වන කැපවීම අපි ප්‍රශංසාත්මකව අගය කරන්නෙමු. දෘශ්‍යාබාධිත ඡන්දදායකයින්ට ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ස්පර්ශක ඡන්ද පත්‍රිකා හඳුන්වාදීම, තෝරාගත් දිස්ත්‍රික්කවල ආබාධ සහිත ඡන්දදායකයින් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒ හරහා විශ්වාසවන්ත පුද්ගලයකු ඡන්ද පොළ වෙත කැටුව යාමට එකී ආබාධ සහිත තැනැත්තන්ට ඉඩකඩ ලබා දීම, සංඥා භාෂා භාවිතා කරන්නන් උදෙසා මැතිවරණ සඳහා සංඥා භාෂා වචන 320 කින් යුත් වචන මාලාවක් හඳුන්වා දීම මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ. මෙම පියවරයන්, ක්‍රියාත්මක වීම තුළින් ආබාධ සහිත තැනැත්තන් ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සැලකිය යුතු ලෙස ඉදිරියට ගමන් කරන අතර, වඩාත් අන්තර්කරණයෙන් යුත් මැතිවරණ ක්‍රියාවලියක් සඳහා දායක වේ.

මෙම මුලපිරීම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. එබැවින්, මැතිවරණ ක්‍රියාවලියේ සෑම අදියරකදීම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස මැතිවරණ නිලධාරීන්, ජනාධිපතිවරණ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ආයතන / ක්‍රියාකාරීන්, මැතිවරණ නිරීක්ෂකයින් / සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පොදු මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන් වෙතින් අපි ඉල්ලා සිටිමු.

ඒ අනුව, විශේෂයෙන්ම:

• මැතිවරණ නිලධාරීන් –

ආබාධ සහිත ඡන්දදායකයින්ට ප්‍රවේශ පහසුකම් සහ සාධාරණ වූ අනෙකුත් පහසුකම් සැලසීම පිළිබඳව ඡන්දපල කාර්ය මණ්ඩලයට පුළුල් පුහුණුවක් ලබා දෙන ලෙසත්;

• ජනාධිපතිවරණ අපේක්ෂකයින් –  

තම මැතිවරණ ව්‍යාපාර සියලු දෙනාට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමට, ප්‍රතිපත්ති ප්‍රකාශණය ඇතුළු සියලූම දෑ ප්‍රවේශ විය හැකි ආකෘතිවලින් සැපයීමට, පවත්වනු ලබන සියලු වැඩසටහන් ආබාධිත-හිතකාමී බව සහතික කිරීමට සහ ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධ අපහාසාත්මක යෙදුම් මෙන්ම ඍණාත්මක සමාජ ආකල්ප සහ එකාකෘති සමාජගත කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරන ලෙසත්;

• විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ආයතන/ ක්‍රියාකාරීන් – මැතිවරණ සම්බන්ධ සියලු තොරතුරු සහ ප්‍රචාරණයන් වෙත විශේෂයෙන්ම සඥා භාෂාවෙන් ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සහ ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධ අපහාසාත්මක යෙදුම් මෙන්ම ඍණාත්මක සමාජ ආකල්ප සහ එකාකෘති සමාජගත කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරන ලෙසත්;

• මැතිවරණ නිරීක්ෂකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පොදු මහජනතාව –

මැතිවරණ ක්‍රියාවලියේදී ආබාධ සහිත තැනැත්තන්ගේ පූර්ණ සහභාගීත්වය සඳහා සහය දැක්වීම සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ලෙසත්;

අපි ඉතා ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටින්නෙමු.

මෙතුලින්  සෑම පුරවැසියෙකුගේම හඬට ඇහුම්කන් දෙන සහ අගය කරන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යන ගමනේ සන්ධිස්ථානයක් බවට අපට මෙම මැතිවරණය පත් කළ හැකිය.

1983 ජූලි 03 වැනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ සුභ සාධනය සහ සවිබල ගැන්වීම සඳහා කැපවී සිටී. කාන්තාවන් සහ තරුණයින් සඳහා විශේෂිත ශාඛා ඇතුළුව පළාත් 08 ක්, දිස්ත්‍රික්ක 21ක් පුරා විහිදුණු ශාඛා ජාලයක් සමඟ, අපි නිත්‍ය සාමාජිකයින් 8,000 කට සහ ආශ්‍රිත සාමාජිකයින් 3,500 කට පමණ සේවය කරන්නෙමු.

සුපුන් ජයවර්ධන,

උපදේශන සහ උපායමාර්ගික මුලපිරීම් ප්‍රධානී,

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය,

නො.520/15,නාවල පාර , රාජගිරිය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan