හදිසි නීතිය ගෙන ඒම තුළින් ජනපති – අගමැති අතීතයේ නායකයන් කළ වැරදිම කරනවා ද?

Date:

රට පත්ව ඇති ආර්ථික කඩා වැටීම තුළ දමිළ ප්‍රජාවට රටතුළට මුදල් ගලාඒමේ ක්‍රියාන්විතයට අවස්ථාව ලබාදිය යුතු බවත්, ඒ සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ආර්ථික කලාප ස්ථාපිත කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශනාකියන් රසමානික්කම් මහතා අද (27) දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

පරිණත දේශපාලකයන් වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් අතීතයේ සිටි නායකයන් කළ වැරදිම සිදුනොකර ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන ගැටළු විසඳමින් ඔවුනට රටේ ආර්ථිකයට දායක වීමට අවස්ථාව සලසා දිය යුතු බවයි රසමානික්කම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

නව ව්‍යවස්ථාවක් මඟින් දමිළ ජනතාව මුහුණපාන ගැටළු ආමන්ත්‍රණය කර ඊට විසඳුම් සපයා රට තුළට ආයෝජන ගලාඒමට සහ ඩොලර් සංචිත ඇතිකරලීමට ඉඩප්‍රස්ථාව සලසා දීමට හැකියාව තිබුණද, හදිසි නීතිය ගෙන ඒම තුළින් පරිණත නායකයන් වන වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද අතීතයේ සිදුවූ වැරදිම යළි සිදුකරමින් තිබෙන්නේ ද යන්න දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

වත්මන් ජන අරගලයේ අවසානයක් දැකීමට රජයට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ එය මර්දනය කිරීම නොව ඔවුන් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ ඇතිකිරීම බවයි රසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතා පවසා සිටියේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...