යුද හමුදාව යටතේ ඇති රියදුරු බලපත් මුද්‍රණය යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

Date:

වසර දෙකහමාරකට අධික කාලයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ අංශය ලබන සැප්තැම්බර් 01 වනදා සිට නැවතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මෙම රියදුරු බලපත් මුද්‍රණය කිරීම යුද හමුදාව යටතට පැවරීමේදී ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව එම අංශය නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව, එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද ප්‍රකාශ කළේය.

රියදුරු බලපත් මුද්‍රණ අංශය 2021 ජනවාරි මාසයේ සිට යුද හමුදාව යටතට පවරන ලද්දේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව ගන්නා ලද කැබිනට් තීරණයක් මගිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...