ටාසියාට ඇමෙරිකාව වෙනුවෙන් රන් පදක්කමක්

Date:

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රබල මේස පන්දු ක්‍රීඩකයෙක් වන තිළින පියදාසගේත්,ක්‍රිඩිකාවක් වන රිෆ්කා කාමිල්ගේත් වැඩිමහල් දියණිය වන ටාෂියා පියදාස, මෙවර පෑන් ඇමෙරිකා මේස පන්දු තරගාවලියේ අවුරුදු 15 න් පහළ මේස පන්දු රන් පදක්කම ඇමෙරිකාවට දිනා දුන් කණ්ඩායමේ සාමාජිකාවක් වන්නට භාග්‍යය ලද්දාය.ඇමෙරිකාවේ වර්ජනීයා ප්‍රාන්තයේ චාර්ල්ස්ටන් හී පැවත්වෙන මෙම තරගාවලියේදී ඇමෙරිකාව අවසාන තරගයේදී කැනඩාව පරාජය කරමින් අවුරුදු 15 න් පහළ සූරියෝ වූහ.


මෙම කණ්ඩායම වෙනුවෙන් ටාෂියා සමඟ ෂෑන්ග් ඇමී,ලියූ ඇම්බර්,ලින්ග් යිෂිවාන්,ක්‍රීඩා කළ අතර අද සිට මෙම තරගාවලියේ ඒකල අංශයේ තරග සඳහා ටිෂියා ඇමෙරිකාව නියෝජනය කරමින් සහභාගි වන්නීය.ඇය මේ තරගාවලියේ බාලිකා යුගල තරගාවලිය නියෝජනය කරන්නේ යෙහෝ අයිරැින් සමඟින්ය.මිශ්‍ර යුගල තරගයේදි ඇයගේ සහයකයා වන්නේ ෂේන් චාර්ල්ස් ය.


මෙම තරගාවලියේ ජයග්‍රහණයත් සමඟ ටාසියා ඇතුළු ඇමෙරිකානු අවුරුදු 15 න් පහළ බාලිකා කණ්ඩායම නොවැම්බර් 26 සිට දෙසැම්බර් 3 වන දා දක්වා ස්ලොවේනියාවේ නෝවා ගෝරිකා හී පැවත්වෙන ජාත්‍යන්තර යොවුන් මේස පන්දු සූරතාවලිය නියෝජනයට සුදුසුකම් ලබා ගත්තේය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...