කැලිෆෝනියාවේ දැවැන්ත ලැව්ගින්න සෑම පැයකට වරක් අක්කර 5,000ක් විනාශ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ පුරා පැතිර යන දැවැන්ත ලැව්ගින්නක් පැයට වර්ග සැතපුම් 8කින් (වර්ග කිලෝමීටර් 20) වර්ධනය වී තිබෙන බව වාර්තා වේ.

පසුගිය බදාදා (24) මෙම ගින්න ආරම්භ වී ඇති අතර එය සෑම පයකටම අක්කර 5,000ක් විනාශ කරයි. ඒ අනුව මේවන විට චිකෝ හි ඊසාන දෙසින් අක්කර 348,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් දැවී ගොස් ඇත.

ගිනි නිවන භටයින් 2,500 ක් හා හෙලිකොප්ටර් 16 පමණ ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇති අතර අධික උෂ්ණත්වය හා සුළඟ ගින්න පැතිරීමේ වේගය වේගවත් කර තිබේ.

ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් සිකුරාදා(26) උද්‍යාන ගින්න හේතුවෙන් බුටේ සහ ටෙහාමා ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...