කැලිෆෝනියාවේ දැවැන්ත ලැව්ගින්න සෑම පැයකට වරක් අක්කර 5,000ක් විනාශ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ පුරා පැතිර යන දැවැන්ත ලැව්ගින්නක් පැයට වර්ග සැතපුම් 8කින් (වර්ග කිලෝමීටර් 20) වර්ධනය වී තිබෙන බව වාර්තා වේ.

පසුගිය බදාදා (24) මෙම ගින්න ආරම්භ වී ඇති අතර එය සෑම පයකටම අක්කර 5,000ක් විනාශ කරයි. ඒ අනුව මේවන විට චිකෝ හි ඊසාන දෙසින් අක්කර 348,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් දැවී ගොස් ඇත.

ගිනි නිවන භටයින් 2,500 ක් හා හෙලිකොප්ටර් 16 පමණ ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇති අතර අධික උෂ්ණත්වය හා සුළඟ ගින්න පැතිරීමේ වේගය වේගවත් කර තිබේ.

ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් සිකුරාදා(26) උද්‍යාන ගින්න හේතුවෙන් බුටේ සහ ටෙහාමා ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...