ඉරානයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් වෙළඳසැල් සහ පොදු ආයතන වසා දැමේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් අද(28)දිනයේ එහි සියලුම වෙළඳසැල් සහ පොදු ආයතන වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කාලගුණ වාර්තාවලට අනුව ටෙහෙරාන් අගනුවර උෂ්ණත්වය 37C (98.6F) සිට 42C (107F) දක්වා පරාසයක පවතින බව වාර්තා වන අතර තාප ආඝාතය වීම හේතුවෙන් පුද්ගලයන් 225 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එරට ජාතික කාලගුණ විද්‍යා සංවිධාන නිවේදනය කර තිබුණේ ඉරානයේ පළාත් 10 ක උෂ්ණත්වය 45C (113F) ඉක්මවූ අතර, වැඩිම උෂ්ණත්වය 49.7C (121F) වාර්තා වී ඇත්තේ ගිනිකොනදිග නගරය වන Delgan හි වන බවයි.

පසුගිය වසරේ ද ඉරානය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් රටපුරා දින දෙකක නිවාඩුවක් ලබා දුන් අතර මේ පිළිබඳව දේශගුණික විද්වතුන් සඳහන් කර තිබුණේ, පොසිල ඉන්ධන දහනය නිසා ඇති වූ ගෝලීය දේශගුණික අර්බුදය හේතුවෙන් තාප තරංග වඩාත් දරුණු හා දිගු වෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...