මහා භාණ්ඩාගාරය මැතිවරණ කටයුතු සදහා මුදල් නිදහස් කිරීමට සූදානම්- මුදල් රාජ්‍ය අමාත්‍ය

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

ඉදිරි ජනාධිපතිවරණය සදහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර, අයවැයෙන් මැතිවරණ කටයුතු සදහා වෙන්කළ මුදල රුපියල් බිලියන 10ක් බව සඳහන් වේ.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 8කට ආසන්න වියදමක් ඇස්තමේන්තු කර තිබෙන අතර, මුද්‍රණ කටයුතු,  ආරක්ෂක,  ඉන්ධන,  ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සුදානම් බවද කියැවේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සදහා මුදලක් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළ අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව පෙන්වා දෙමිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...