මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පැවැත්වීම මත අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ මරදාන පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ ය.

ජුලි 23 වනදා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය්‍යාංශයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11,320ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක සහ හඬපට දත්ත හමුවී ඇත.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ආධාර අනුබලදීම චෝදනාව යටතේ ඔවුන් අත් අඩංගුවට ගැනිණි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇති කොස්තාපල්වරුන් තිදෙනා අවුරුදු 22, 30 හා 32 වයස්වල පසුවන්නන් බවත් වාර්තා විය.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය්‍යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට...

LVMH අධිපති බර්නාඩ් ආර්නෝල්ට්ගේ ධනය පැය 24ක් තුළ ඩොලර් බිලියන 5.3කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුඛෝපභෝගී භාණ්ඩ...

ට්‍රම්ප්ට ජය ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සියයට 15 ක තීරුබදු සඳහා එකඟ වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අත්ලාන්තික් සාගර වෙළඳ...

ජනපති අනුර තවත් විදේශ සංචාරයකට

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින...