ට්‍රම්ප්ට ජය ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සියයට 15 ක තීරුබදු සඳහා එකඟ වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අත්ලාන්තික් සාගර වෙළඳ යුද්ධය වලක්වා ගනිමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් 15%ක තීරුබදු සංශෝධනයක් වෙනුවෙන් එකඟ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, බොහෝ යුරෝපීය භාණ්ඩ සඳහා සියයට 15 ක තීරුබදු පනවන මෙම ගිවිසුම ස්කොට්ලන්තයේදී දෙපාර්ශවය විසින් නිවේදනයට ලක් කර තිබිණ.

යුරෝපා සංගමය එක්සත් ජනපදයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර භාණ්ඩ හා සේවාවල වෙළඳාම පසුගිය වසරේ ඩොලර් ට්‍රිලියන 2 කට ආසන්න විය.

මේ සමබන්ධයෙන් මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් තම ටර්න්බෙරි ගොල්ෆ් නිකේතනයේදී සඳහන් කර තිබුණේ, එය ඉතා රසවත් සාකච්ඡාවක් බවත්, එය දෙපාර්ශවයටම හොඳ වනු ඇතැයි තමා සිතන බවත්ය. එමෙන්ම වොන් ඩර් ලේන් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, මෙම ගිවිසුම අත්ලාන්තික් සාගරයේ දෙපසම අපගේ ව්‍යාපාර සඳහා ඉතා වැදගත් වන බවයි.

වොෂින්ටනය විසින් පසුගියදා යුරෝපා සංගම් ආනයන සඳහා සියයට 30 ක තීරුබදු පැනවීමෙන් අනතුරුව ජපානය, එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ පිලිපීනය සමඟ මූලික ගිවිසුම් සහ චීනය සමඟ දින 90 ක වෙළඳ සටන් විරාමයකින් පසුව, ට්‍රම්ප් විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගනුදෙනුවලින් වඩාත්ම වැදගත් ගනුදෙනුව මෙයයි.

ගිවිසුම යටතේ, සියයට 15 ක තීරුබදු මෝටර් රථ ඇතුළු යුරෝපීය අපනයන සඳහා යොදනු ලබන අතර ගුවන් යානා කොටස්, අර්ධ සන්නායක උපකරණ, ඇතැම් රසායනික ද්‍රව්‍ය සහ සමහර කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු සීමිත පරාසයක භාණ්ඩ තීරුබදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ,

ඒ අනුව, යුරෝපා සංගමය ඇමරිකානු ඩොලර් බිලියන 750 ක් පමණ වටිනා ඇමරිකානු බලශක්තිය මිලදී ගැනීම හා එක්සත් ජනපදයේ සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 600 කින් ඉහළ නැංවීම මෙනම් හමුදා උපකරණ සඳහා විශාල ඇණවුමක් ලබා දීම ගිවිසුම අනුව සිදු කළ යුතු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...