LVMH අධිපති බර්නාඩ් ආර්නෝල්ට්ගේ ධනය පැය 24ක් තුළ ඩොලර් බිලියන 5.3කින් ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුඛෝපභෝගී භාණ්ඩ සමාගමක් වන LVMH(Louis Vuitton Moët Hennessy) අධිපති, ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට්ගේ ධනය ගෙවුණු පැය 24 තුළ ඩොලර් බිලියන 5.3කින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ෆොබෝයස් සගරාවට අනුව මෙම නව කොටස් වැඩිවීම ආර්නෝල්ට්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 151.7 දක්වා ඉහල ගොස් ඇති අතර ඔහු ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් හත්වන තැනට පත්ව තිබේ.

මෙත් සමඟ LVMH, Moët Hennessy, Louis Vuitton හි කොටස් සියයට 4 කින් පමණ ඉහළ ගොස් ඇත.

1971 දී උපාධිය ලබා ගනිමින් ඉකෝල් පොලිටෙක්නික් හි ඉංජිනේරු විද්‍යාව හැදෑරු බර්නාඩ් ආර්නෝල්ට් තම පියාගේ සමාගමක් වන ෆෙරෙට්-සැවිනෙල් හි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. එහි අවධානය දේපළ වෙළඳාම් වෙත යොමු කළ ඔහු එය සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොලේ ඔහුගේ අනාගත වෘත්තීය ජීවිතය සඳහා අඩිතාලම දැමීය.

ඉන් අනතුරුව ආර්නෝල්ට් සුඛෝපභෝගී කර්මාන්තයේ ප්‍රමුඛ සමාගමක් බවට LVMH ගොඩනඟා ගත් අතර, විලාසිතා, ආභරණ, ඔරලෝසු සහ වයින් ඇතුළු විවිධ අංශවලට සැලකිය යුතු වර්ධනයක් සහ ව්‍යාප්තියක් ඇතිකර ගැනීමට ඔහු සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

ලංකාවේ මුහුදු තීරයේ දී ගිනිගෙන විනාශ වුණ එක්ස්ප්‍රස් පර්ල්...

අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය...

ජනපතිට මාලදිවයිනේදී මහත් හරසර!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද (28) පෙරවරුවේ...

al-Assad ගෙන් පසු සිරියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ..

රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති අල්-ෂාරා...