දකුණු කොරියාව සමඟ කිසිදු සංවාදයකට සුදානම් නොමැති බව උතුරු කොරියාව කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාව සමඟ කිසිදු සංවාදයකට සුදානම් නොමැති බවත් ඒ වෙනුවෙන් කිසිදු අදහසක් නොමැති බවත් උතුරු කොරියාව ප්‍රකශ කර තිබේ.

දකුණු කොරියානු නව ජනාධිපති ලී ජේ-මියුන්ග් විසින් ප්යොංයැං සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොං සිය රාජ්‍ය මාධ්‍ය හරහා විකාශය කෙරෙන නිවේදනයක මේ බව සඳහන් කර තිබිණි.

එළඹෙන ඔක්තෝබර් මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවට කිම් ජොන් උන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පවා ප්‍රතික්ෂේප කරමින් කිම් යෝ ජොං වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය සමඟ දකුණු කොරියාවේ ආරක්ෂක සන්ධානයේ පවතින විශ්වාසය, යූන් පාලනයේ ගතානුගතික ප්‍රතිපත්ති ලී ජේ-මියුන්ග් විසින් ද ඉදිරියට ගෙනයනු දැකිය හැකි හෙයන් සෝල් නුවරදී කුමන ප්‍රතිපත්තියක් සම්මත කර ගත්තත්, කුමන යෝජනාවක් ඉදිරිපත් කළත්, අපට ඒ ගැන උනන්දුවක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...