අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

Date:

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW:

ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර් මාසයේ පැවත්වීමට තීරණය වී ඇත.එහි මෙවර ආකෘතිය වන්නේ විස්සයි විස්ස තරගාවලියක්ය.තරගාවලිය පැවත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ය.එහි පැවත්වෙන්නේ ඇයි කියන කාරණය අතිශයින් වැදගත්ය.


සරලවම ඉන්දියාවට සහ පකිස්තානයට එකට ඉන්න බැරි දේශපාලන අවිශ්වාසයය.බන්දියාව මෙන්ම පකිස්තානය ද පාලනය කරන්නන් නිරන්තරයෙන් අනෙකාව තමන්ගේ සතුරා ලෙස හංවඩු ගැසීම නිසා ඇති වී ඇති තත්ත්වය මීට හේතුවය. තවමත් ලංකාවේ ඇතුළතත් දෙමළ සහ සිංහල ලෙස ජනතාව බෙදා වෙන් කර තබා සිය පැවත්ම සකසා ගන්නා දේශපාලකයන් බලා සිටින්නේ බෙදීම සහ ගැටීමේ තමන්ගේ දේශපාලන ස්ථාවරය සකසා ගන්නටය.


ඔබ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද ගෝල්ඩ් චිත්‍රපටය නරඹා තිබෙනවානම් මේ පකිස්තානය සහ ඉන්දියාව වෙන්වීම නිසා ඒ වන විට ඉන්දියාව හැටියට එරට ලබා ඇති හොකී ප්‍රගතිය අභියෝගයට ලක්වන ගැන මතක තිබෙනවා නිසැකය.එහිදී ඉන්දියාව ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තද, බෙදීම සහ කැඩී යාම මානව ප්‍රජාවගේ හැතියාවන්වල පොහොසත්කම පළුඳු කරන ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ වසා දැමෙන ක්‍රියාවක් බව පැහැදිළි කර ගැනීමට ප්‍රමාණවත්ය.


අද වන විටත් මිය යන මිනිස්සුන්ගෙන් සහ ගොඩ ගැසෙන මිනීවලින් හිඟ නැති පකිස්තාන සහ ඉන්දීය දේශපාලනය කොයි විටෙකවත් මේ ගැටළුව අපි කවුරුත් මිනිස්සු කියන පදනමෙන් ස්පර්ශ කර නිශ්චිත විසඳුමකට පැමිණ අර්බූද සහ ගැටුම් නිමා කළහොත් භෞතික වශයෙන් දෙරටේ ජනතාවට ලබා දිය හැකි ප්‍රතිලාභ කවරේද යන්නත්,ඉතිරි විය යුත්ව තිබූ ජීවිත ප්‍රමාණය සහ ඒ නිසා මිනිසුන්ගේ අධ්‍යාත්මය පළුඳු කරන තනිකම කොන්වීම් කෙතරම් දුරට සිඳු වුණා ද යන්නත් ගණනය කරන්නේ නැත.


මෙවර ආසියානු විස්සයි විස්ස කුසලානය ද එබඳුය.පකිස්තානුවා ඉන්දියානුවා කෙරෙහි ඇති විරෝධය නිසා ද,ඉන්දියානුවා පකිස්තානුවා කෙරෙහි ඇති විරෝධය නිසා ද ඒවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් නඩත්තු කරන සහ වානිජමය කරන තත්ත්වයට පත් කර ඇති හෙයින් ද දෙරට ක්‍රීඩාවකදී එකිනෙකා ගැටෙන විට තමන්ගේ කණ්ඩායමට ආශිර්වාදය ද,අනෙක් කණ්ඩායමට විරෝධයද රැඟෙන ක්‍රීඩා පිටි එකම හිස් ගොඩක් වීම සාමාන්‍ය තත්ත්වයක්ය.


මෙයින් හැඟෙන වැදගත් දේ අර්බූද ඇති කර ගැනීම තුළින් පැවත්ම යම් අභියෝගයකට ලක් විය හැකි බවය.ඉන්දියාවය සහ පකිස්තානයට සිය ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ භූමීන් තුළ හමුවිය නොහැකි තැනකට තල්ලු කර ඇත.එය දේශාපාලනය වගකිව යුතු ඛේදවාචකයක් වුව ද,ක්‍රීඩාව ද එහි වින්දිතයෙකු වීම නිරායාස සිඳුවීමකි.
ඒ පැත්තෙන් ඒ ඛේදය ගැන කතා කරන විට අපට පෙනෙන සුඛමය කාරණය එක්සත් අරාබි රාජ්‍යෙය් මැදිහත්වීමය.මැද පෙරදිග අන්තවාදී සහ මූල ධර්මවාදී ආගම් මූලයන්ගෙන් දුරස්ව ඔවුන් යන නිදහස් ගමණ තුළ සියල්ලටම විවෘත සතුට සහ නිදහස අර්බූදකාරීන්ගේ මධ්‍යස්ථ සටන්වල කේන්ද්‍රය බවට පත් කර ගන්නේය.ඒ නිසා මේ තරගාවලියේ ලොව වැඩිම ඉල්ලුම සහිත ප්‍රෙක්ෂකාගාරය දිනා ගන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හැකියාව උදා වන්නේය.ඒ පිරෙන ප්‍රේක්ෂකාගාරයේ තරම සැප්තැම්බර් 14 වන දා ඉන්දීය – පකිස්තාන තරගයට ක්‍රීඩා පිටිය උතුරා යන ආකාරයෙන් සියල්ලටම විඳගන්නට හැකි වෙනු ඇත.


වැදගත් අර්බූඳ විසදීමට නොව ඒවා මිල කිරීමට සහ ඒවායෙන් ඉපයීමට සාමකාමී පොළවකට ඉඩක් ඇත යන්න තේරුම් ගැනීමය.මේ මොහොතේ මේ පොළව තුළ දේශපාලනිකව සහ පුද්ගල අනන්‍යතා අනුව බෙදි වෙන් කරන්නට හෝ අසමානව සළකන්නට කවුරුන් මොනවා කියෙව්ව ද වැදගත් වන්නේ අප පකිස්තානය හෝ ඉන්සියාව වෙනවාද නැතිනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුගමනය කරනවා ද යන්නය.


තරගාවලිය සම්බන්ධයෙන් වන තරග කාල සටහන ඇතුළු සියලු කරුණු මේ සමඟ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු...

වසර 21 කට පසු පොළොන්නරුව මහාධිකරණය හමුවේ අවසන් වූ ඓතිහාසික නඩු තීන්දුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : පොළොන්නරුව මහාධිකරණය හමුවේ...

නදීශා මූලික වටයෙන්ම ඉවතට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා...

ජනාධිපති අරමුදලෙන් අශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : මහයියාව ප්‍රදේශයේ ආර්ථික...