ජනාධිපති එක්ක සාකච්ජා කළා කියල ආණ්ඩුවට පන්දම් අල්ලන වුවමනාවක් අපිට නැහැ! (VIDEO)

Date:

ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවමත් සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

අද දිනයේදී වුවද ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරන්නේ විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් වන අතර ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර අනුව ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමකින් තොරව පවතින අසීරූතාවයන්ගෙන් ගොඩ ආ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ආණ්ඩුවට පන්දම් ඇල්ලීමේ කිසිදු වුවමනාවක් නැති බවද හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර පක්ෂයේ අනුමැතියකින් තොරව ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...