මගේ පුතාට විරුද්ධව කිසිදු චෝදනාවක් එල්ල කරන්න සාක්ෂි නැහැ – ශාන්ත බණ්ඩාර

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි තම පුත්‍ අනුද ජනාදිත් බණ්ඩාරට එරෙහිව කිසිදු සාක්ෂියක් නැතැයි තම නීතීඥයින් පැවසූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

“මගේ පුතා විතරක් නෙවෙයි කවුරු වැරැද්දක් කළත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. එතන අපි පැහැදිලිව ඉන්නවා. නමුත් මම ඉතාම කණගාටු වෙනවා පසුගිය දින ටිකේදී වැරදි පුවත් රාශියක් පළවුණා. නමුත් ගරු අධිකරණය ගැන විශාල විශ්වාසයක් අපිට තිබ්බා. අද ආවෙත් අධිකරණය කෙරෙහි විශ්වාසය මතයි. ඉතින් ඒ නිසා මගේ නීතීඥයින් මට කිව්වා මෙයාට කිසිදු චෝදනාවක් එල්ල කරන්න වැරදි සම්බන්ධව මොනවත් සාක්ෂි ඇත්තටම තිබුණෙ නැහැ කියලා. පොලීසියත් ඇත්තටම මේ සම්බන්ධව ලොකු විමර්ශනයක් කරලා තිබුණා, ඒකත් හොඳයි. හැම අතින්ම විමර්ශනය කරලා තිබුණා. අපි ඉන්නේ සත්‍යය ජයගන්නවා කියන තැන. ඒ නිසා අද ඒ සත්‍ය එලෙසම ජයගත්තා. අධිකරණයට අපි විශේෂයෙන්ම අපේ ගෞරවය පුදකරනවා”

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව පැවසුවේ ඊයේ (27) අධිකරණයට වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන්ට ඊයේ ඇප ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...