අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස උණ බම්බු ‘ජෛව වැට’ (Bio-fence) ඉදිකිරීමේ යෝජනාවට චීනයේ සහාය!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :


ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර පරිසර හිතකාමී විසඳුමක් ලෙස උණ බම්බු යොදානිමින් ‘ජෛව වැට’ (Bio-fence) ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහාය ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබේ.


ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීනයේ බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ (International Center for Bamboo and Rattan – ICBR) නිරත වූ නිළ අධ්‍යයන සංචාරයකදී මෙම යෝජනා සඳහා එළඹී ඇත.


එහිදී ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු උසස් නිලධාරීන් සමඟ පැවැත්වුණු විශේෂ ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී, උණ බම්බු වගාව, නවීන සැකසුම් තාක්ෂණයන් සහ ඒ ඇසුරෙන් කෙරෙන විවිධ කාර්මික නිෂ්පාදන පිළිබඳව පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කෙරිණි. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික, ආර්ථික හා වර්තමානයේ තවදුරටත් තහවුරු වී ඇති දේශපාලනික සබඳතාවල වැදගත්කම ද මෙහිදී දෙපාර්ශ්වයේම ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා උණ බම්බු යොදාගනිමින් සාර්ථක ‘ජෛව වැටක්’ නිර්මාණය කිරීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දෙන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහිදී නිල වශයෙන් ඉල්ලීමක් කළේය. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීන පාර්ශ්වය ප්‍රකාශ කළේ, අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දෙන අතරම, උණ බම්බු ආශ්‍රිත නිෂ්පාදන හරහා ප්‍රාදේශීය ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය නවීන තාක්ෂණය, හොඳම භාවිතයන් (Best Practices) සහ පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවයි.


පරිසර හිතකාමී මෙන්ම ආර්ථිකමය වශයෙන් ප්‍රජාව බලගන්වන මෙවැනි නවමු ප්‍රවේශයන් හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...