විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඉල්ලූ අයට ඇමති නලින්ද පිළිතුරු දෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාවේ එවැන්නක් සඳහන් නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ අද (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

“1978 ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒක සකස් කලේ ව්‍යස්ථා නීතිය සම්බන්ධයෙන් නීති විශාරදයින් ඔවුන් ජනමත විචාරණයකට යා යුතු වගන්ති ප්‍රමාණයක් ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා. ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,9,10,11, 30/2 සහ 62/2 මේවා තමයි තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය ඒවා. මේවා ව්‍යවස්ථාවේ සඳහන් කරන දේවල්. මේවා හැදුවේ නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් එතකොට මේ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඒ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේ වගන්තිවල කොහේවත් සඳහන් වෙන්නේ නෑ.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...