ජපානයට රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
අද (28)දින ජපානයේ දකුණුදිග කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් වාර්තා වී තිබේ.

භූකම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ශයට පත්වී ඇති අතර Aeon Mall Kumamoto වෙළඳ මධ්‍යස්ථානයේ පුද්ගලයන් රැසක් සිරවී සිටින බව එරට ගිනි නිවීමේ අංශය තහවුරු කර තිබේ. ඔවුන් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතියි.

භූකම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී, ගිනි ගැනීම්, විදුලි බිඳවැටීම් සහ මාර්ග හා දුම්රිය සේවාවලටද දැඩි බාධා එල්ල වී තිබේ. ප්‍රදේශයේ නිවාස දහස් ගණනකට විදුලිය ඇණහිට ඇති අතර, පුද්ගලයන් ලක්ෂ ගණනකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.

ජපාන අග්‍රාමාත්‍ය සනේ තකයික්චි හදිසි ප්‍රතිචාර මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ස්වයං ආරක්ෂක හමුදා සාමාජිකයන් දහස් ගණනක් ගලවා ගැනීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර මේ වන විටත් ප්‍රබල අනුකම්පන (aftershocks) වාර්තා වන බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...