*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නෑ – සමන් රත්නායක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇතැම් පිරිස් හුවා දක්වන ආකාරයේ බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයා පවසයි.

ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ හා උපකරණ නොමැතිවීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය  සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී තිබූ අතර , මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ දන්ත වෛද්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය ඖෂධ 270ක පමණ ලැයිස්තුවක් ඉදිරිපත්වී ඇති අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

නමුත් , ඖෂධ මාෆියාව සෞඛ්‍ය අමාත්‍යංශය පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan