*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණ සන්ධාන අස්සේ පුංචි ඡන්දයේ අපේක්ෂකයින් බරපතළ ගැටලුවක !

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ සන්ධාන ගොඩනැඟෙමින් තිබෙන අතරේ පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඒ පක්ෂවල බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණ පා සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

2018 පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර බෙදී ගියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3436ක්, එක්සත් ජාතික පෙරමුණ – 2433ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය- 1048ක් සහ ජනතා විමුක්ති පෙරමුණ – 434ක් වශයෙනි.

මේ මන්ත්‍රීවරුන් 2023 වසරේදී කැඳවූ පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවෙන්, සමගි ජන බලවේගයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ මාලිමාවෙන් යනාදී වශයෙන් නාමයෝජනා භාරදී ඇත. ඒ මැතිවරණය කල්දැමුණු අතර මේ වනතෙක්ම පවත්වා නැත. නාමයෝජනා අහෝසි කිරීමක් ද සිදුකර නොමැත.

ඒ අනුව, තමන්ට නැවතත් තමන්ගේ මැතිවරණයේදී, එනම් පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයේ ලකුණින්ම තරග කිරීමට නියමිතව තිබියදී ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයකදී අලුත් ඡන්ද ලකුණකින් යුත් නව සන්ධානයක් ප්‍රවර්ධනය කිරීමට සිදුව තිබීම එම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ට බරපතළ ගැටලුවක් වී තිබේ.

ජනාධිපතිවරණයේදී තමන් අතින් වියදම් කර අනුන්ගේ ඡන්ද ලකුණක් ප්‍රවර්ධනය කරදී නැවතත් පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ලකුණ ප්‍රවර්ධන කිරීම සඳහාත් වියදම් කිරීමට අපහසු බවයි ඔවුන් පවසන්නේ.

ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන ලෙස ඔවුන්ගේ එක් කොටසක් සිය නායකයින්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා විය.

එසේ නාමයෝජනා අහෝසි කළත් තවත් ගැටලුවක් උද්ගත වන බව පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගෙන් තවත් කොටසක් පෙන්වා දී තිබේ. ඒ, නව සන්ධානයක් සඳහා එකතුවන පක්ෂ ඒකාබද්ධව පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ නම් දැනට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ගෙන් කොටසකට නාමයෝජනා අහිමි වීමේ ගැටලුවයි. පක්ෂ අතර ඇතිවන එකඟතාව අනුව අපේක්ෂකයින් ප්‍රතිශතය තීරණය කිරීමට වන නිසා එකම ලැයිස්තුවකින් ඉදිරිපත් වන්නේ නම් දැනට නාමයෝජනා භාරදී අයගෙන් සැලකිය යුතු කොටසකට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ අනුව ජනාධිපතිවරණයට තමන්ගේ අතින් වියදම් කරගෙන අපේක්ෂකයකු ජයග්‍රහණය කරවූවත් අවසානයේ තමන්ට පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වයවත් නොලැබෙන අනතුරකට ඔවුන්ට මුහුණ පෑමට සිදුව ඇත.

ඉහත ආකාරයෙන් වර්ධනය වෙමින් ඇති පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය මේ දිනවල දේශපාලන පක්ෂවල අභ්‍යන්තරයේ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වන බව ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan