රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):
වාහන ආනයනය සදහා අවසර ලබා දීම ලබන මාසයේදී සිදු කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙන අතර, මූලික අදියරේදී ව්‍යාපාර හා ප්‍රවාහන සේවයට අවශ්‍ය වාහන ආනයනයට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.
තවද, අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙන අතර, කෙසේ වුවද පෞද්ගලික පරිහරණය සදහා වන වාහන ආනයනය සදහා අවසර ලබාදීම තවදුරටත් කල්දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුවේදී තීරණයකට එළඹීමට නියමිත බව සඳහන් වේ.