ඔබත් තැපැල් ඡන්දදායකයෙක්ද?

Date:

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ.

එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන් ද ලබාගත හැකිය.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු වේ.

අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශනය කෙරේ.

* සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)

* සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල 

* සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...

සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?

කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...

රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...