නාමල්ට එරෙහිව බන්ධුල ගුණවර්ධන පොලීසි ගිහින්?

Date:

කොළඹ LNW: තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ති බවට වාර්තා වෙයි.

එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ විනය කඩකර ඇති බවයි.

මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලීසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.

මේ පිළිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකට ඔහු පවසා ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.

ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතාද පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...