පිරිසිදු ක්‍රීඩාවක් වෙනුවෙන් ක්‍රීඩාවට සිංහලෙන් දැණුම දෙන පිළිවෙලක් සැකසෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 29, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලාව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ දී එළිදැක්වීය. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සකසන ලද ‘පිරිසිදු ක්‍රීඩාව‘ පිළිබඳ ජාත්‍යන්තර පාඨමාලාව online පාඨමාලාවක් වන අතර, එම පාඨමාලාව අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක් ලබාදීම සිදු කෙරේ.

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සම්බන්ධ විය හැකි අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව පාසල් සිසුන්ට ඇතුළු මේ පිළිබඳව දැනුම අවබෝධය ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකුට මේ සඳහා සම්බන්ධ විය හැකිය.

මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා පැවසුවේ රජය මැදිහත්වී තහනම් උත්තේජක භාවිතය අවම කරමින් පවතින බවයි. පාසල් සිසුන්ටද මේ පිළිබඳව අවබෝධය ලබා දෙන වැඩසටහනක් සැලසුම් කිරීමට යෝජනා වී ඇති බවත්, මෙරටට අවශ්‍ය පිරිසිදු ක්‍රීඩාව ඒ ඔස්සේ ගොඩනැගිය හැකි බවත් තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළි දැක්වීමට නියමිත අතර, ඒ ඔස්සේ තහනම් ඖෂධ සහ භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව සරලව අවබෝධයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසයි.

එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මෙරට කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති ලලීශ කහටපිටිය, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිරෝමි පිලපිටිය, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති රංජිත් විමලරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...