ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු කටුණායකදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW :

සහන් සිසි කැළුම් හෙවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිගම සහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මොහු ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර ඇති අතර, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙන අතර, මොහු පානදුර ප්‍රදේශයේ සහ කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට මොහු සම්බන්ධ බව වාර්තා වේ.

තවද, මට්ටක්කුලියේ පත්තෑ සුරංග නැමැත්තාට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම වැලිගම සහන් නැමැත්තා බව පැවසේ.

මොහු කුලී ඝාතකයෙකු බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...