කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට කළ ප්‍රකාශය කරුණු තහවුරු කිරීමකින් තොරව සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණයේ දී පිළිගෙන තිබේ.
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා ගොණුකර තිබූ නඩුව අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත.
අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හානියක් සිදුව ඇත්නම් තමන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බවයි තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට දැනුම් දී තිබුණේ.
ඒ අනුව අදාළ නඩු නිමිත්ත තවදුරටත් පවත්වාගෙන නොයන බවට දෙපාර්ශ්වයම අධිකරණයට දැනුම් දී තිබේ.
