තිස්සකුට්ටිආරච්චි කොන්දේසි විරහිතව ජනපති අනුරගෙන් සමාව ගනී!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට කළ ප්‍රකාශය කරුණු තහවුරු කිරීමකින් තොරව සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණයේ දී පිළිගෙන තිබේ.

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා ගොණුකර තිබූ නඩුව අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත.

අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හානියක් සිදුව ඇත්නම් තමන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බවයි තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට දැනුම් දී තිබුණේ.

ඒ අනුව අදාළ නඩු නිමිත්ත තවදුරටත් පවත්වාගෙන නොයන බවට දෙපාර්ශ්වයම අධිකරණයට දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...