ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ 

ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ පළමු පෙළ පන්දු ඕවර් 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සූරියන් වන්නට ගාල්ල කණ්ඩායම සමත් වුණා.කොළඹ එන්සීසී පිටියේදී කොළෂ කණ්ඩායමට එරෙහිව ලකුණු 90 ක දැවන්ත ජයක් ලබමින් ඔවුන් සූරතාවය සඳහා පිවිසුණේ පළමු වටයේ තරගවලදී පවා නොලද විශාල ජයග්‍රහණයක් ලබා ගනිමින් වීම කැපී පෙණුනා.

අප තරගයට පෙරාතුව තැබූ සටහනෙන් ද තරගාවලියේ පෙරමුණේ සිටින කණ්ඩායම ගාල්ල බව හඳුන්වා දුන්නා.එහෙත් අවසාන තරගයක මානසික ස්වභාවය වඩාත් වෙනස් ස්වරූපයක් ගන්නා බැවින් එම හැකියාව ඇත්තේ කුමන කණ්ඩායමකට ද යන්න විමසා බැලිය යුතුව ඇත්තේ අවසාන මහා තරගයට මුහුණ දෙන ආකාරයෙන් බව පෙන්වා දුන්නා.ගාල්ල කණ්ඩායම අවසාන තරගයට පෙර තරගවලටත් වඩා සූදානමක් සහ විශ්වාසයක් පෙරදැරිව පැමිණ මෙවර තරගාවලියේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට සමත් වුණා.
එහෙත් ආරම්භය සතුටුදායක වුණේ නැහැ.ලකුණු 3 ක් වෙද්දී කඩුලු 2 ක් ම දැවී ගියා.කොළඹ කණ්ඩායමේ ලිහන්සා දුල්මි ද සිල්වා ගේ සහ දිනිති නාගසිංහගේ දක්ෂ පන්දු රැකීම නිසා දුවද්දී දැවී යාම් දෙකක් වාර්තා වුණා.


ඉනික්බිති සංජනා කාවින්දි (21) සහ නෙතාගි ඉසුරාංජලී තෙවන කඩුල්ලට ලකුණු 37 ක සබඳතාවයක් පවත්වන්නට සමත් විය.දෙදෙනාම දේවපතිරාජ ක්‍රීඩිකාවන් වූ අතර සංජනා කාවින්දි දැවී යාමෙන් පසුව එක් වූ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන රශ්මි දිව්‍යාංජලී දේවපතිරාජයේ පමණක් නොව නෙතාගි ගේ එකකුස උපන් සොහොයුරියද වූවාය.
පෙරමුණ ගත් බාල සොහොයුරිය නෙතාගි ගේ පිතිකරණයට අත්දැකීම් සහිත රශ්මි අපූරු සහයක් දෙමින් හයේ පහරක් සහ හතරේ හතරක් සමඟ පන්දු 34 දී නොදැවී ලකුණු 39 ක් ලබා පන්දු ඕවර් 20 නිමාවන විට නොදැවී සිටියාය.ගාල්ල කණ්ඩායමේ විජයග්‍රාහී පිතිහරඹය දියත් කළ නෙතාගි, අවිවාදිත තරගයේ වීරවරිය විමේ සුදුසුකම සපුරා ගනිමින් හයේ පහරදෙකක් සහ හතරේ පහර නවයක් සමඟ නොදැවී රැස් කළ ලකුණු ගණන 77 ක් විය.ඒ සඳහා ඇයි වැය කළේ පන්දු හැට පහක් පමණි.

පිළිතුරු ඉණිම අනපේක්ෂිත ලකුණු පූවරුව විසින් කොළඹ කණ්ඩායමට දැඩි පීඩනයක් එල් කර තිබිණ.දේවපතිරාජයම නියෝජනය කරන්නියක වූ වමත් දග පන්දු යවන්නිය ශෙහාරා ඉ දුවරි එම පීඩනය තවත් තිව්ර කරමින් ලකුණු 10 ට කඩුලු 4 ක් ම දවා ගනිමින් කොළඹ කණ්ඩායම ලකුණු 53 ට සීමා කළාය.කොළඹ කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකක අගයක් සහිත ලකුණු රැස් කළේ දෙදෙනෙක් පමණි.ඒ නෙතුකි කුඩලිගම ඔනලි අදීශා ය.ඔවුන් දෙදෙනාම ලකුණු 11 බැඟීන් රැස් කරන්නට සමත් විය.

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සදහා වූ සම්මානය නෙතඟි ඉසුරාංජලී විසින් හිමිකර ගත් අතර ඇයට එම කුසලාන සමඟ මුදලින් රු. 50,000 ක මුදලක් හිමි විය. මීට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙසින් තරග 6 කදී අර්ධ ශතක 2 ක් ද සමගින් ලකුණු 175 ක් රැස් කළ ගාලු කණ්ඩායමේ සංජනා කාවින්දි ද , දක්ෂතම පන්දු යවන්නිය වශයෙන් තරග 6 කදී කඩුලු 11 ක් බිඳ හෙලූ ගාලු නායිකා රිෂ්මි සංජනා ද සම්මාන දිනා ගත්හ. ඔවුන් දෙදෙනාටම එම කුසලාන සමග මුදලින් රු. 75,000 බැගින් පිරිනැමිණ. මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු කුසලානය සහ රු. ලක්ෂයක මුදල දඹුලු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා නෙත්මි උපේක්ෂා විසින් දිනා ගත්තාය. ඇය මෙවර තරග වාරයේ තරග 6 කදී පිත්තෙන් ලකුණු 94 ක්ද පන්දු වෙන් කඩුලු 10 ක් ද දවා ගනිමින් කැපී පෙනුණාය.
තරගාවසානයේ පැවැති ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, කාන්තා ක්‍රිකට් කමිටු සභාපති භගී බාලචන්ද්‍රන්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සහ සංවිධායක කමිටු සභාපති නලීන් අපෝන්සූ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකුට් අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු රොෂාන් බියන්විල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...

Radoslav Cernicky ඇහෙන්, දකිමු ලෝකයක්!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක...

තවත් දින 90කට ‍ අන්‍යෝන්‍ය තීරු බදු අත්හිටුවීමට චීන-ඇමරිකා එකඟතාවයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව 28 සහ 29...