සටහන – නිශ්මං රණසිංහ
ජූලි 29, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයාගේ නව ක්‍රීඩා පණතේ සංශෝධනයන්ට අනුව වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ වැනි වෘත්තීන්ට ක්‍රීඩා සංගම්වල පරිපාලනයට පත්වන්නට හැකි ලෙස ලබා දී ඇති වරප්‍රසාදය මත මලල ක්‍රීඩා සංගමයේ ලේකම් තනතුරට නාම යෝජනා භාර දී ඇති වෛද්‍ය ධම්මික සේනානායක තවත් තනතුරු ගණනාවක් හරහා මෙවර නිලවරණයේදි මලල ක්‍රීඩා පරිපාලනයට කෙසේ හෝ සම්බන්ධවීමට උත්සාහ කරමින් තවත් තනතුරු ගණනාවකට ඉදිරිපත් වී සිටියි.
ලේකම් තනතුරට වෛද්‍ය ධම්මික සමඟ කෙටි දුර ධාවන සූර ෂෙහාන් අඹේපිටිය මෙන්ම පසුගිය කාලයේ ක්‍රීඩකයන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් වෙහෙස වූ මාධව බණ්ඩාර සෙනරත් තරඟ වදියි.වෛද්‍ය ධම්මික ඊට අමතරව සහකාර ලේකම් තනතුරට ෂෙහාන් අබේපිටිය,ගීත් මානවඩු,ඇලෝයි වික්‍රමසිංහ සහ සමීර පෙරේරා සමඟ තරග වදිති.ඊට අමතරව ඔහු විධායක කමිටුවට ද ඉදිරිපත්ව සිටියි.මෙම තනතුරු තුනටම වෛද්‍ය ධම්මික සමඟ කෙටි දුර ධාවන සූර ශෙහාන් අඹේපිටිය ද ඉදිරිපත්ව සිටියි.
සභාපති තනතුරට කේ.ඒ. ප්‍රසන්න ඉන්දික,සුනිල් බී ගුණවර්ධන සහ උපාලි කුමාරසිරි ඉදිරිපත් වී සිටිති. උප සභාපති තනතුරට පී.කේ. අලුවිහාරේ,අයි.එම්.ජී.එන්. ජයතිලක,ඩී.යූ.කුමාරසිරි,අයිරාංගනී රූපසිංහ, එස්.ජේ.ජී. සිල්වා,ජයන්ත සියමුදලි,ලාල් චන්ද්‍රකුමාර,කේ.ඒ.එම්. ගුණරත්න ඉදිරිපත් වී සිටිති.
ලාල් චන්ද්‍රකුමාර,නෙවිල් රුද්‍රිගෝ,අයිරාංගනී රූපසිංහ,වෛද්‍ය,ධම්මික සේනානායක,ෂෙහාන් අබේපිටිය,සමීර පෙරේරා,මහේෂ් ගුණරත්න,පී.කේ. අලුවිහාර,ප්‍රසන්න අමරසේකර,නයන්ති කුමාරි චන්ද්‍රසේන,ගීත් මානවඩු,රමේෂ් ලක්ෂාන්,ප්‍රදීප් පීරිස්,ජයන්ත සියමුදලි,රෝෂිනී බෝවත්ත,ශිරෝමි ලියනපතිරණ,සුගත් කුමාර,විශ්වජිත් වැලිකල සහ සංජීව ප්‍රනාන්දු විධායක කමිටුවට තේරීම සඳහා තරග වැදීමට නියමිතය.
එච්.ආර්.කේ. හේවගේ නිතරඟයෙන් භාණ්ඩාගාරික තනතුරට පත් වී ඇති අතර සහකාර භාණ්ඩාගාරික තනතුරට සංජීව මාලිංග ජයසිංහ නිතරගයෙන් පත්ව සිටියි.