ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්වය එතරම් හොඳ තත්වයක නොමැති බැවින් වියදම් සීමාකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා පවසයි.
ප්රශ්නය – මූල්‍ය තත්වය මොන වගේ තැනකද තියෙන්නෙ සාමාන්‍යයෙන් ?
“මූල්‍ය තත්වය මං හිතන්නෙ එච්චර හොඳ නෑ. හැබැයි අපි අර ක්‍රීඩාව වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කොහොමහරි කරනවා. ක්ලබ්ස් වලට ගෙවන්න තියෙනවා, ප්‍රොවින්ස් වලට ගෙවන්න තියෙනවා, ඒවා වෙනවා. සල්ලි නාස්ති කරන්න සල්ලි නෑ. ඒක හින්දා ඉතාමත් පරෙස්සම් වෙන්න ඕනෙ. මොකද මීට ඉස්සෙල්ලා තිබ්බා ප්‍රාග්ධන වියදම් ගොඩාක්. ඉතින් ඒවා පොඩ්ඩක් අඩුකරලා ක්රීඩාවටම යොදන්න තියෙන දේ තමයි යොදන්න ඕනෙ”
සිදත් වෙත්තමුණි මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.


