*
Friday, September 27, 2024
spot_img

Latest Posts

අප්‍රිකානු රිද්මයේ අපූර්වත්වය ලොවට කී සමාරම්භයෙන් පසුව ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්

ලෝක කුසලාන නෙට්බොල් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (ජූලි 28) හැඩකාර සමාරම්භක උත්සවයෙන් පසුව පැවති ප්‍රථම තරගය, ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගය ද වූ අතර එහිදී ජැමෙයිකාව ඉදිරියේ පරාජයට පත් වෙන්නට සිදු විය.අද දවසේ පැවති තරග අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව ජැමෙයිකාව ලැබූ ලකුණු ප්‍රමාණය කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය (105) විය.එසේම කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ගණන (25) ලබා ගත්තේ ද ශ්‍රී ලංකාව බැවින් දවස ගෙවෙන විට ශ්‍රී ලංකාව සිටියේ දවසේ දැවන්තම පරාජයේ හිමිකාරීත්වය සමඟින්ය.


ජැමෙයිකාව මේ වන විට ලෝකයේ සිව්වන තැන සිටින කණ්ඩායමය.එම කණ්ඩායම ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ දැඩි අසරණ භාවයකට පත් වූ අතර පන්දුව සිය දැල වෙත ඒම වළක්වා ගැනීමට ඉඩක් නොලැබීම තරමටම ශ්‍රී ලංකාවට ජැමෙයිකානු දැල වෙතට යා නොහැකි වූ අභියෝගයේ තරමද හොඳින් මෙම ප්‍රතිපලයෙන් පැහැදිළි විය.


නමුත් බොට්ස්වානා සංචාරයෙන් පසු යම් ආකාරයක වට හතරේ සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්විය හැකි මට්ටමක් දැකිය හැකි අතර සතුටුදායක ප්‍රතිපලයක් නොවුණ ද,ශ්‍රී ලංකාව කාර්තුවක වැඩිම ලකුණු ලෙස ලකුණු 7 බැඟින් ලබා ගත්තේ තෙවන සහ සිව්වන කාර්තුවේය.පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 5 ක් සහ දෙවන කාර්තුවේදී ලකුණු 6 ක් ය.ජැමෙයිකාව පළමු කාර්තුවේ සිට සිව්වන කාර්තුව දක්වා පිළිවෙලින් ලකුණු 26,26,23 සහ 30 ක් සේ ලකුණු ලබා ගැනීමට සමත් විය.
කෙසේ නමුත් තරගයේ වේගය අතින් ජැමෙයිකාව පන්දුවට යොමු වීම ඉතාමත් ඉහළ මට්ටමක පැවති අතර, ශ්‍රී ලංකාවට සිය රිද්මය ඊට වෙනස් තැනකට කැදවා තරගයේ දිශානතිය වෙනස් කිරීමට අපහසුවීම මේ පරාජයේ දැවන්ත බව තුළ තදින් දකින්නට ලැබිණ.ආසන්න සහ ආරක්ෂිත පන්දු හුවමාරුවක් යටතේ තරගයේ පන්දුවේ ගමන් රිද්මය වෙනස් කිරීමෙන් මෙන්ම ලකුණක් සඳහා ගත කරන කාලය වැඩි කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නේනම් ඉදිරි තරගවලදී ද ප්‍රතිවාදීන්ට යම් වෙනස් පීඩනයක් ඇති කළ හැකි බව සිතිය හැකිය.


ශ්‍රී ලංකාව සිටින කොටසට අයත් දකුණු අප්‍රිකාව සහ වේල්සය අතර තරගය යම් ආකාරයකට තියුණු මුහුණුවරක් ගත් අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ ලකුණු 61 – 50 ක් ලෙස සත්කාරක දකුණු අප්‍රිකාවට ජය හිමිවීමය.පළමු දෙවන සහ සිව්වන කාර්තු පිළිවෙලින් ලකුණු 14 – 13,15-13 සහ 18 – 9 ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ලබා ගත්තේය.තෙවන කාර්තුවේදී ලකුණු 15 – 14 ක් ලෙස පෙරමුණ ගත්තේ වේල්ස් කණ්ඩායමයි.
ශ්‍රී ලංකා – ජැමෙයිකා මෙන්ම දකුණු අප්‍රිකා – වේල්ස් තරග පැවත්වුණේ තරගාවලියේ සමාරම්භක උත්සවය නිමාවීමෙන් පසුවය.දකුණු අප්‍රිකානු නර්තන සම්ප්‍රදායන් මෙන්ම භේරී වාද්‍ය සම්ප්‍රදායන් ද ඇතුළත් වූ ලෝකයේම ආසක්ත කර ගත හැකි ජවයක් සහිත සංගීතමය සහ නර්ථන අංගවලින් සිය සංස්කෘතික අනන්‍යතාවය ලොවට කියා පෑමට සමාරම්භක උළෙලෙදී දකුණු අප්‍රිකාවට හැකි විය.මෙම සටහනට යා කර ඇති ඡායාරූප එම හැඩකාර සමාරම්භක උත්සව අවස්ථාව හා සබැඳි ඒවාය.
තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 76 – 27 ක් ලෙස ට්‍රිනිටෑඩ් සහ ටුබෑගෝ පරාජයට පත් කළේය.තියුණු සටනක් පැවති ටොංගා සහ ෆීජී අතර තරගයෙන් ටොංගා කණ්ඩායම 56 – 51 ක් ලෙස ෆිජී කණ්ඩායම පරාජය කළේය.ඔස්ට්‍රේලියා සහ සිම්බාබ්වේ තරගය ඕස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 86 – 30 ක් ලෙසය.උගන්ඩාව ලකුණු 79 – 37 ක් ලෙස සිංගප්පුරුව පරාජය කරන්නට සමත් විය.එංගලන්තයට පරාජය වූයේ බාර්බඩෝස් කණ්ඩායමය.ලකුණු තත්ත්වය 90 – 29 ක් විය.ඊයේ ප්‍රදර්ශනාත්මකම ජය වාර්තා කළේ මලාවි රාජ්‍යය.ඔවුන් ස්කොට්ලන්තය ඉදිරියේ තරගයේ ප්‍රථම කාර්තුව ලකුණු 17 – 9 ක් ලෙස පසුපසින් සිටියත් ඉතිරි වට තුන ලකුණු 13 – 12, 13 – 12 සහ 20 – 8 ලෙස පෙරමුණට එමින් තරගය ලකුණු 55 – 49 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan