ආනයනික බිත්තර සඳහා කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇති අතර ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37/-ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...